පක්ෂයෙන් කවුරුවත් ගන්න ගනුදෙනුවලට මම සම්බන්ධ නෑ - වසන්ත
තමන් තවමත් එක්සත් ජාතික පක්ෂයේ බවත් පක්ෂයෙන් කිසිවෙක් හෝ ගලවා ගැනීමේ ගනුදෙනුවලට සම්බන්ධ නොමැති බවත් සංචාරක හා වනජීවී අමාත්‍ය වසන්ත සේනානායක මහතා පවසයි.
ඔහු සිය අමාත්‍යධුරයේ වැඩ බාර ගැනීමෙන් අනතුරුව මාධ්‍ය අමතමින් මේ බව පැවැසීය.
“ශක්තිමත් රජයක් බවට පත්කරන්න පූර්ණ වශයෙන් කැපවෙනවා. මම තීරණය ගත්තේ මම ගැන. මම පක්ෂයෙන් කවුරුත් ගන්නවත් එවැනි ගනුදෙනුවලට මම සම්බන්ධ නෑ. මම විශ්වාස කරනවා මේ රජයට අවශ්‍ය සංඛ්‍යාව තිබෙයි කියලා. එක්සත් ජාතික පක්ෂයෙන් මම ඉවත් වෙලා නෑ. විනය ක්‍රියාමාර්ග ගනියිද දන්නේ නෑ.
රනිල් වික්‍රමසිංහ මහත්තයා 16 දායින් පස්සේ එයිද නැත්ද බලමු. තව ටික දවසයි තියෙන්නේ. මම හිටියේ එක්සත් ජාතික පක්ෂයේ. අද ඉන්නෙත් එක්සත් ජාතික පක්ෂයේ. පක්ෂයේ වෙනසක් වෙන්න ඕන තර්කයේ මම හැමදාම ඉන්නේ.”
popular news
-
mahinda Wednesday, 31 October 2018 05:50 PM
ඔව් ඉතින් තමාගේ ගණන අරන් ඉවරනේ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

