පක්ෂය මාරු කළාට මහින්දට විනය ක්‍රියාමාර්ග නෑ
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයෙකු වෙනත් පක්ෂයක සාමාජිකත්වය ලබාගතහොත් බොහෝ අභියෝගවලට මුහුණදීමට සිදු වුවද, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් ඒ තත්ත්වය ඇති කිරීමට කටයුතු නොකරන බව එක්සත් ජනතා නිදහස් සන්ධානය සඳහන් කරයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර පුළුල් සන්ධානයක් ගොඩනැගීම සඳහා තවමත් සාකච්ඡා සිදුකරමින් තිබෙන බවත්, එය කඩාකප්පල් කිරීමට අවශ්‍ය කටයුතු නොකරන බවත් එම සංවිධානයේ මහලේකම් මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මහින්ද රාජපක්ෂ මහතාට විශාල උදවු ප්‍රමාණයක් කර තිබෙන බවත්, ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු, අමාත්‍යවරයෙකු බවට මෙන්ම පක්ෂ නායකයෙකු බවටත්, අග්‍රාමාත්‍යවරයෙකු සහ ජනාධිපතිවරයෙකු බවටත් පත් කිරීමට පක්ෂය කටයුතු කළ බවත් ඔහු පවසා සිටියේය.
මහින්ද රාජපක්ෂ මහතා වෙනත් පක්ෂයක සාමාජිකත්වය ලබාගැනීම පිළිබඳ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වීම ගැන කනගාටුවක් තිබෙන බවත්, මේ නිසා විනය ක්‍රියාමාර්ගයක් ගැනීමට දැනට සාකච්ඡා කර නොමැති බවත් ඒ මහතා සඳහන් කළේය.
ගෝඨාභය රාජපක්ෂ මහතාට සහයෝගය ලබාදෙනවාද, නැද්ද යන්න තවමත් තීරණය කර නොමැති බවත්, ඉදිරි දිනවලදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩපිළිවෙළ පිළිබඳ ගෝඨාභය රාජපක්ෂ මහතා සමග සාකච්ඡා කරන බවත් හෙතෙම පවසා සිටියේය.

popular news
-
Don Friday, 16 August 2019 08:27 AM
මහින්දට විරුද්ධව ක්‍රියාකරන්නේ නැත්තේ යටින් ගහපු ගිවිසුම් නිසාත් මරණ භය ඇති නිසා.
Reply : 0 14
Champa Saturday, 17 August 2019 11:24 AM
අගෝස්තු 11 තිබ්බේ ගෝඨාභය පොහොට්ටුවේ අපේක්ෂකයා කියල නම් කරන එකට වඩා මහින්දට තවත් දිරච්ච ලණුවක් කවන එක හෙවත් මහින්ද පොහොට්ටුවේ නායකයා කරලා මෛත්‍රීට ශ්‍රී ලංකා එකේ ඊළඟ සභාපතිකම මහින්දට නොදී ගෝඨාභයට දෙන්න පාර clear කරලා දීපු එක. ගෝඨාභය පරදිනවා අනිවාර්යයෙන්ම.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

