පක්ෂය අවතක්සේරු කරන්න දෙන්නේ නෑ - පක්ෂයේ ශක්තිය පෙන්වනවා
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අවතක්සේරුවට ලක් කිරීමට කිසිවෙකුට ඉඩ නොතබන බවත් එසේ සිදුවුවහොත් පක්ෂයේ ශක්තිය ඔවුන් සියලුදෙනාට පෙන්වීමට සූදානම් බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
එසේම පක්ෂයටත්, පාක්ෂිකයන්ටත් අසාධාරණයක් සිදු නොවන සියලුදෙනාට පිළිගත හැකි සහ සතුටට පත්විය හැකි වැඩපිළිවෙළකට ඉදිරියේදී සූදානම් බවද ඔහු පැවැසීය.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (15දා) පස්වරුවේ රත්නපුරයේ දී පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රත්නපුර දිස්ත්‍රික් සමුළුව අමතමිනි.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා සඳහන් කළේ ඉදිරි ජනාධිපතිවරණයට කුමන අපේක්ෂකයෙකු ඉදිරිපත් වුව ද, ඡන්ද පසුබිම සලකා බලන විට එම කිසිවෙකුට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය නැතිව ජයග්‍රහණය කළ නොහැකි බවයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි ජනාධිපතිවරණයට මුහුණ දෙන්නේ ජනාධිපති ධූරය මෙන්ම පස් වසරක් පුරා ජනතා සුබසෙත වෙනුවෙන් ක්‍රියාත්මක කළ ශූද්ධ වූ වැඩපිළිවෙළක ප්‍රතිඵලත් සමඟ බව ද ජනාධිපති පැවැසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දෙපාර්ශ්වයෙන්ම ආරාධනා ලැබී ඇති අතර එක්සත් ජාතික පක්ෂය සමඟ කිසිදු සාකච්ඡාවකට එක්ව නොමැති බව සඳහන් කළ මෛත්‍රිපාල සිරිසේන මහතා පොදුජන පෙරමුණ සමඟ සාකච්ඡා වට කිහිපයකට එක්ව සිටින්නේ අංක 01 කට මාතෘ භූමියත්, අංක 02ට පක්ෂයේ අනන්‍යතාවයත් තබමින් බව ද සඳහන් කළේය.
මැතිවරණය වෙනුවෙන් ආණ්ඩු පක්ෂයත්, විපක්ෂයත් යන දෙපාර්ශ්වයම මේ වන විට තානාපති කාර්යාල සමඟ සාකච්ඡා පවත්වමින් සිටින බව ද පැවසූ ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එවන් කොන්දේසි කිසිවක් නොමැති බවත් අපේකම, ස්වදේශියත්ව සහ සංස්කෘතිය අගයන, වංචාවෙන් දූෂණයෙන් තොර නිදහස් සහ ප්රජාතන්ත්රවාදී රටක් වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නායකත්වය ලබා දෙන බවත් අවධාරණය කළේය.

popular news
-
කෝලිත Monday, 16 September 2019 09:02 AM
දේශීය අනන්‍යතාව , ආරක්ශාව, ආර්තිකය, මොන වැල් බයිල දැන් ගැහුවත් කොරන්න පුලුවන් හානිය උපරිමයෙන් ඔයා කරල ඉවරයි...මේ වෙනකොට....අතහෝදගෙන යන්න හිතන්න එපා..මුලු රටම දන්නව ඒක.
Reply : 0 0
dikson rudrigo Monday, 16 September 2019 10:31 AM
මාස 2කට පසුව බලමුකෝ ඔයකියන අංක 2 සහ අංක 2කෙ නම්බර් වන් දෙන්න ඉන්න තැන්. දැන්ම තියා කිව්වොත් හොද මදි ,කල් වැඩි නිසා පස්සෙම කියන්නම්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

