ගෙවීගිය පැය 24 තුළ පාකිස්තානයේ දෛනිකව මෙතෙක් වාර්තා වූ ඉහළම කොවිඩ්-19 ආසාදිත අගය ලෙස, ආසාදිතයන් 2,255ක් වාර්තා වී ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
මේ දක්වා අගුලු දමා තිබූ පාකිස්තානය පසුගිය සෙනසුරාදා සිට ක්‍රමයෙන් යළි විවෘත කිරීමෙන් පසුව මේ ආකාරයෙන් ආසාදිතයන් වැඩිවී ඇත.
ඒ අනුව මේ වනවිට පාකිස්තානයේ සමස්ත සංඛ්‍යාව 34,336ක් වන අතර, වෛරසය හේතුවෙන් මරණ 737ක් වාර්තා වී තිබේ.