පාකිස්තාන සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කර සිටියේ ගෙවීගිය පැය 24ක් තුළ නව කිරීටක වෛරසය ආසාදිතයන් 1,764ක් හඳුනාගෙන ඇති බවයි.
එය පාකිස්තානය තුළ වෛරසය පැතිරීම ආරම්භ වූ දිනයේ සිට මෙතෙක් වැඩිම ආසාදිත පිරිස වාර්තා වූ දිනය ලෙස සැලකෙයි.
මේ වනවිට පාකිස්තානයේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 25,837ක් ලෙස ජෝන්ස් හොප්කිනිස් විශ්වවිද්‍යාලය පවසයි. එමෙන්ම එරට තුළ ආසාදිත මරණ 594ක් වාර්තා වෙයි.
පාකිස්තානයේ ආසාදිතයන්ගෙන් සුවය ලබා ඇති පිරිස වාර්තා වන්නේ 7,530ක් වශයෙනි.
මේ අතර, ඉන්දියාවේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව අද (08දා) උදෑසන වනවිට 56,383ක් දක්වා ඉහළ ගොස් තිබුණි.
එරට වෛරසය ආශ්රිත සමස්ත මරණ සංඛ්‍යාව 1,889ක් වන අතර, සුවය ලැබූ ආසාදිතයන් සංඛ්‍යාව 16,776කි.