පාකිස්තානයේ වයඹදිග පේෂාවර් හි සංචාරක හෝටල් කිහිපයක සේවකයන් නව කොරෝනා වෛරසයට ධනාත්මක බව තහවුරු වීමත් සමග එම හෝටල් වසා දැමීමට බලධාරීන් පියවර ගෙන තිබේ.
දිස්ත්‍රික් රජයේ නිලධාරියෙකු වන මැක්බූල් හුසේන් පවසන පරිදි මේ තත්ත්වයත් සමග ෂෝග්‍රාන්, නාරන් සහ කගන් යන ප්‍රදේශ අධිඅවදානම් සහිත ප්‍රදේශ ලෙස නම් කරමින්, ඒවා අගුලු දමා තැබීමට පියවර ගෙන ඇත්තේ වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා ය.
එසේම කොවිඩ්-19 සඳහා ධනාත්මක බව පරීක්ෂා කළ හෝටල් සේවකයින් 47ක් පමණ ඔවුන් සේවය කළ හෝටල්වලම නිරෝධායනය කර ඇති බවද ඔහු පැවසීය.
පාකිස්තානය විසින් කොරෝනා නව කොරෝනා ආසාදන 275,000කට වැඩි ප්‍රමාණයක් සහ මරණ 6,300කට ආසන්න සංඛ්‍යාවක් පෙබරවාරි මාසයේ සිට වාර්තා කර ඇති අතර, දුර්වල සෞඛ්‍ය පහසුකම් යටතේ වුවද ඔවුන් වෛරසය පාලනය කරගැනීමට දැඩි ප්රයත්නයක නිරතව සිටියි.