අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් නේවි සම්පත් නොහොත් චන්දන ප්‍රසාද් නැමැත්තා පැය 48ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලැබුණ බව පොලීසිය සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් නේවි සම්පත් අද (14දා) කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම නියෝගය ලබාදී තිබේ. සැකකරු හෙට (15දා) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙතට ඉදිරිපත් කරන ලෙසටද අධිකරණය මෙහිදී නියෝග කර තිබේ.
එකොළොස් දෙනෙකු පැහැරගැනීම, රඳවා තබා ගැනීම, කප්පම් ගැනීම යන චෝදනා සම්බන්ධව අධිකරණයේ පවතින නඩුවකට නේවි සම්පත් අවශ්‍යව තිබූ අතර, ඔහු ඊයේ (13දා) ලෝටස් පාරේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගන්නා ලදී.