ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය රත්නපුර දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂය මැරෙන්නට, කඩාවැටෙන්නට ඉඩනොදී රැකගැනීම නිසා ඇයත් අගේ සැමියාත් පිළිබඳ ඒකාබද්ධ විපක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු කණ්ඩායම අතර න්‍යායාත්මක ගැටලුවක් ඇතිවී තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ටී.රංජිත් සොයිසා මහතා පැවසීය.
ඇඹිලිපිටියේදී ඊයේ (29දා) පැවැති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ බව පැවසුවේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ මන්ත්‍රීවරයා,
“මම සඟවන්න යන්නේ නෑ. ඒකාබද්ධ විපක්ෂයේ රත්නපුර දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු කණ්ඩායම තුළ න්‍යායාත්මක ගැටලුවක් අපට ඇතිවී තිබෙනවා.
රත්නපුර දිස්ත්‍රික්කයේ ප්රගතිශීලි ජනතාව ඒකාබද්ධ විපක්ෂය, වාසුදේව නානායක්කාර, ජානක වක්කුඹුර, පේ‍්‍රමලාල් ජයසේකර යන මහත්වරු සමග ඉන්නවා. අපි ගැටලුවක් නැතුව දිස්ත්‍රික්කය පුරා වැඩකටයුතු කරගෙන යනවා.
රත්නපුර නගර සභාවට නගරාධිපතිවරයා පත්කරන්න ගත්ත ක්‍රියා මාර්ගය අතර ඒකාබද්ධ විපක්ෂයේ රත්නපුර දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අතර යම් ගැටලුවක් ඇතිවුණා.
මහින්ද රාජපක්ෂ මහත්තයට, ඒකාබද්ධ විපක්ෂයට හොඳම දිස්ත්‍රික්කයේ අගනුවර රත්නපුර නගර සභාවේ බලය එක්සත් ජාතික පක්ෂයත් සමග සමසේ බෙදාගැනීමත්, එහි වැඩි හවුල්කරුවෙකු බවට එක්සත් ජාතික පක්ෂය පත්කිරීමත්, පිළිබඳව අපි විශ්වාස කරනවා පවිත්‍රා වන්නිආරච්චි සහ කංචන ජයරත්න හිතමතාම කළ දේශපාලන කුමන්ත්‍රණයක් කියා. ඇයට ඕනෑ රත්නපුර දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂය වැටෙන්න නොදී මැරෙන්න නොදී ආරක්ෂා කරන්නයි. ඒ වගකීම ඇය විසින් දැරිය යුතුයි. ඒ සම්බන්ධව අපි ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරනවා.
මහින්ද රාජපක්ෂ මහතාත් සමග පක්ෂ නායකයන් සමග ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් සමග මේ පිළිබදව සාකච්ඡා කරලා තියනවා. ඒ සම්බන්ධව නිසි පිළිතුරක් ලැබෙයි කියලා බලාපොරොත්තුව ඉන්නවා. එය එසේ නොවනතාක් කල් මම නම් පෞද්ගලිකව චෝදනා කරන්නේ පවිත්‍රා වන්නිආරච්චි රත්නපුරේ එක්සත් ජාතික පක්ෂය ආරක්ෂා කරනවා කියන එකයි.
සමහර වෙලාවට නෙළුම් මාවත, ජයරත්න මල්ශාලාව වෙන වෙලාවලුත් තියෙනවා අපි දැකලා තියනවා. අඬන්න ඕනෑ තැන්වලදී හිනා වෙනවා, හිනාවෙන්න ඕනෑ තැන්වලදීත් හිනාවෙනවා. පස්සෙන් ඉඳගෙනත් හිනාවෙන අවස්ථා තියන නිසා නෙළුම් මාවතේ කාර්යාලය සමහර වෙලාවට ජයරත්න මල්ශාලාව වගේ වෙලා තියෙනවා.’’ යැයි පැවසීය.

අජිත්ලාල් ශාන්තඋදය /කොලොන්න - ජේ. නානායක්කාර