නෙලුම් කුලුන ඉදිකිරීමේදී රුපියල් කෝටි දෙසීයක වංචාවක් සිදුවූ බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ සිදුකළත් එය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අයෙක් සිදුකළ බවට ප්‍රකාශ නොකළ බවද එක්සත් ජනතා නිදහස් සන්ධානය සඳහන් කරයි.
වංචා දූෂණ සිදුකරනු ලබන්නේ දේශපාලනඥයින් පමණක් නොවන බවත් නිලධාරීන් පවා දූෂණ වංචා සිදුකරණ බවද එම සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් පාර්ශව කීපයක් මේ වන විට අදහස් ප්‍රකාශ කර තිබෙන බවද පවසා සිටියේ
මේ පිලිබඳව TRC එක වාර්තාවක් සකස් කරමින් තිබෙන බවත් මීට අමතරව චීන පාර්ශවයක් පිළිතුරක් ලබාදීමට නියමිතව තිබෙන බවද අද (18 දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.
අදාළ තොරතුරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට යම් පාර්ශවයක් ලබාදී තිබෙන බවද කියා සිටියේය.
මෙම වංචාව නිලධාරීන් සිදුකර තිබෙන්නටත් පුළුවන් බවද සඳහන් කළේය.
VIDEO