බිබිල සිට බදුල්ල බලා ධාවනය වු ලංගම බසයක් අද (30) සවස හොප්ටන් 2 0කණුව ප්රදේශයේදි මාර්ගයෙන් ඉවතට පැන පෙරළීයාමට ගිය අවස්ථාවේ රියදුරා බසය බේර ගැනීමට සමත්වූ බව ප්ර දේශවාසීන් කියයි.
පාසල් සිසු සිසුවියන් හා මගීන් විශාල පිරිසක් රැගෙන ධාවනය වෙමින් තිබු බසය වැඩ අතරමග නැවතී තිබෙන මාර්ගයේදි බසය පාරෙන් ඉවතට පැන තිබේ.
බසය මාර්ගයෙන් ඉවතට පෙරළිමට යන අවස්ථාවේදි පාසල් දරුවන් හා මගීන් කෑගසමින් ප්රදේශවාසීන්ගේ පිහිට පැතීය.
මන්දගාමි ලෙස ඉදිවෙමින් තිබෙන ඒ 5 බදුල්ල-බිබිල මාර්ගයේ අවදානම් ස්ථාන සඳහා ආරක්ෂිත වැඩලිළිවලක් ක්රියාත්මක කර නොමැති බවත් මෙම මාර්ගයේ වාහන ධාවනය දැඩි අවදානම් බවත් ප්රදේශවාසීන් කියයි.
බසය හදිසියේ ප්රපාතයට පෙරළිගියේ නම් පසුගියදා පස්සරදී සිදුවු අනතුරට වඩා අනතුරක් සිදුවීමට ඉඩ තිබිණ.
ප්රසන්න පද්මසිරි

