නෙදර්ලන්ත රජයේ අනුග්‍රහය යටතේ අභිනවයෙන් ඉදිකළ නුවරඵළිය දිස්ත්‍රික් මහ රෝහල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත්කිරීමේ උත්සවය 2019 ජූලි මස 15 වැනිදාට නියමිත බව නුවරඑළිය මහ රෝහලේ අධ්යක්ෂ ඩබ්ලිව්.ආර්.එම්. මහේන්ද්‍ර සෙනවිරත්න මහතා පැවසීය..
ඇඳන් 600කින් සමන්වීත වාට්ටු සංකිර්ණයක්, නවීන තාක්ෂණයෙන් යුත් ශෛල්‍යාගාර, දැඩි සත්කාර ඒකක සහිතව අංග සම්පුර්ණව ඉදිකර ඇති මෙම රෝහල සඳහා වැයකර ඇති මුදල රුපියල් බිලියන 7ක් පමණ වේ.
සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ආරාධනයෙන්, වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා ප්රමුඛ මැති ඇමතිවරුන් සහ නෙදර්ලන්තයේ ශ්‍රී ලංකා තානාපති ජෝන් ඩුර්නේවාඩ් මහත්මිය ඇතුළු සම්භාවනිය අමුත්තන් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගීවීමට නියමිතය.
