පසුගිය සෙනසුරාදා නුවරඑළිය සිට කොළඹ දක්වා ගමන් කළ සාමාන්‍ය බස් රථයක් එහි ගමන් කළ මගීන්ගෙන් අර්ධ සුඛෝපභෝගී යැයි පවසමින් වැඩිපුර මුදල් අය කිරීම සම්බන්ධව තමන්ට වාර්තා වී ඇති බැවින් ඒ සම්බන්ධව වාර්තාවක් තමන්ට වහාම ලබා දෙන ලෙස ප්‍රවාහන කළමනාකරණ හා විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ජාතික ගමනාගමන කොමිසමට උපදෙස් දුන්නේය.
මෙම බස් රථය සාමාන්‍ය බස් රථයක් වන අතර ඊට නුවරඑලිය සිට කොළඹ දක්වා ගමනාගමන කටයුතු සඳහා සතියකට තාවකාලික බලපත්‍රයක් ලබා දි තිබේ.
ගම්පොල සිට කොළඹ දක්වා ධාවනය වන සමාන්‍ය බස් රථයක් රු.185.00ක මුදලක් අය කරයි. එහෙත් ඔවුන් විසින් මගින් රැවටීමට ලක් කර ඔවුන්ගෙන් අර්ධ සුඛෝපභෝගි බස් රථයකින් ගම්පොළ සිට කොළඹ දක්වා අය කරන මුදල වන රුපියල් 278.00ක මුදලක් අය කර තිබුණි.
එමෙන්ම පේරාදෙණියේ සිට කොළඹ දක්වා සමාන්‍ය බස් රියකින් අය කෙරෙන රු.175.00ක මුදල වෙනුවට මෙම බස් රථය රු.251.00 මුදලක් අය කර තිබුණි.
එම නිසා මෙම බස් රථය විසින් බරපතල වැරැද්දක් සිදු කර තිබෙන බවත්, එමනිසා එම බස් රථයේ මාර්ග බලපත්‍රය අහෝසි කිරීම සම්බන්ධව තින්දුවක් ගැනීමට පෙර මෙම සිද්ධිය සම්බන්ධව පුර්ණ වාර්තාවක් තමන්ට ලබා දෙන ලෙසද අමාත්‍යවරයා උපදෙස් දි තිබේ.
එමෙන්ම එවැනි බස් රථයකට තාවකාලිකව හෝ අර්ධ සුඛෝපභෝගි බලපත්‍රයක් දි ඇත්නම් ඊට වගකිව යුතු නිලධාරින් ගැන ද අවධානය යොමු කරන ලෙස අමාත්‍යවරයා උපදෙස් දි ඇත.