මෙවර මහ මැතිවරණයේදී නුවරඑළිය දිස්ත්‍රික්කය නියෝජනය කරමින් නවක මන්ත්‍රීවරුන් හතර දෙනෙකු පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටිති.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් තිදෙනෙකු හා සමගි ජනබලවේගය නියෝජනය කරමින් එක් අයෙකු මෙසේ නවක මන්ත්‍රීවරුන් ලෙස තේරී පත්ව ඇත.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් තරග කරන ලද ජීවන් තොණ්ඩමාන් මහතා මනාප 109155 ක් ලබා ගනිමින් නුවරඑළිය දිස්ත්‍රික්කයේ වැඩිම මනාපලාභියා බවට පත්ව ඇති අතර, ඔහු පළමුවරට මැතිවරණයට ඉදිරිපත්ව මනාප ලැයිස්තුවේ ප්‍රථම ස්ථානයට පත්ව තිබේ.
තම පියා වු ලංකා කම්කරු කොංග්‍රසයේ හිටපු නායක ආරුමුගන් තොණ්ඩමාන් මහතාගේ අභාවයෙන් පසුව එම පුරප්පාඩුවට තරග කරන ලද ජීවන් තොණ්ඩමාන් මහතා ලංකා කම්කරු කොංග්‍රසයේ වර්තමාන මහ ලේකම්වරයාදවේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් මෙරව තරග කරන ලද මරදපාණ්ඩි රාමේෂ්වරන් මහතා මනාප 57902 ක් හා නිමල් පියතිස්ස මහතා මනාප 51225 ක් ලබා ගනිමින් නවක මන්ත්‍රීවරුන් ලෙස තේරී පත්ව සිටින අතර ඔවුන් දෙදෙනාම මධ්‍යම පළාත් සභාවේ හිටපු කෘෂිකර්ම අමාත්‍යවරුන් ලෙස කටයුතු කරන ලද දෙදෙනෙකුවීම වීශේෂත්වයකි.
සමගි ජනබලවේගය නියෝජනය කරමින් තරග කරන ලද එම්. උදයකුමාර් මහතාද මනාප 68119 ක් ලබා ගනිමින් මෙවර පලමුවරට නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට සමත්ව සිටින අතර ඔහුද මධ්‍යම පළාත් සභාවේ මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන ලද අයෙකි.
ශාන් හුලංනුගේ