Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2025 ඔක්තෝබර් මස 15 වන බදාදා
2025 ඔක්තෝබර් මස 15 වන බදාදා
මව්බිමේ අනාගතය සහ නූපන් දරුවන් වෙනුවෙන් දේශද්‍රෝහී රජය පරාජයට පත් කිරීමට සියලූ දෙනා එක්ව කටයුතු කළ යුතු බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරයි.
ජනාධිපතිවරණය සහ ඉදිරි මැතිවරණ විශිෂ්ට ලෙස ජයග්‍රහණය කිරීම උදෙසා ජනමූල ප්‍රතිපත්ති ප්රකාශනය සමඟ එක්ව කටයුතු කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ පාර්ලිමේන්තුව නියෝජනය නොකරන පක්ෂ සමඟ අද පෙරවරුවේ විජේරාම නිළ නිවසේ පැවති අවබෝධතා ගිවිසුම් අත්සන් තැබීමේ අවස්ථාවේදී ඒ මහතා මේ බව අවධාරණය කළේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආරම්භකර ඉතාම කෙටි කාලයකින් පැවැති පළාත් පාලන මැතිවරණයේදී පාර්ලිමේන්තුව නියෝජනය කරන ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලන පක්ෂ සමඟ පූර්ණ අන්‍යෝන්‍ය අවබෝධයෙන් කටයුතු කරමින් විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගැනීමට සමත්වූ අතර එහි තවත් එක් පියවරක් ලෙස පාර්ලිමේන්තුව නියෝජනය නොකරන සහ මෙතෙක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එක්ව කටයුතු නොකල පක්ෂ දහයක් සමඟ මෙහිදී අවබෝධතා ගිවිසුම් අත්සන් කෙරිණි.
ඒ අනුව ඉදිරි මැතිවරණවල දී මෙම සියලූ දේශපාලන පක්ෂ සමඟ එක්ව කටයුතු කරමින් පුළුල් දේශපාලන සන්ධානයක් බිහි කිරීම නුදුරු දිනයකදී සිදු කිරීමට නියමිතය.
විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් පක්ෂ මහලේකම් සාගර කාරියවසම් මහතා අවබෝධතා ගිවිසුම් සඳහා අත්සන් තබන ලදී.
මව්බිම ජනතා පක්ෂය වෙනුවෙන් හේම කුමාර නානයක්කාර, තමිල එක්සත් නිදහස් පෙරමුණ වෙනුවෙන් විනයාගමූර්ති මුරලිදරන් මහතා, ලංකා කම්කරු එක්සත් පෙරමුණ වෙනුවෙන් සතාසිවම් මහතා, ලිබරල් පක්ෂය වෙනුවෙන් කමල් නිශ්ශංක මහතා, නව සිහළ උරුමය වෙනුවෙන් සනත් මනමේන්ද්‍ර මහතා, ප්රජාතන්ත්රවාදී ජාතික ව්‍යාපාරය වෙනුවෙන් අරුණ ද සොයිසා මහතා, භූමිපුත්‍ර පක්ෂය වෙනුවෙන් සරත් විජේරත්න මහතා, එක්සත් ලංකා මහාසභාව වෙනුවෙන් ජයන්ත කුලතුංග මහතා, ඊලවර් ප්රජාතන්ත්රවාදී පෙරමුණ වෙනුවෙන් ඒස්.ජේ තුෂ්යන්තන් මහතා, මුස්ලිම් උලමා පක්ෂය වෙනුවෙන් මුබාරක් අබ්දුල් මජීඞ් මහතා මෙම අවබෝධතා ගිවිසුම් සඳහා අත්සන් කරනු ලැබීය.
පසුගිය වසර හතරහමාරක කාලය තුළ මෙම රජය මාතෘ භූමිය විනාශ කිරීමට කටයුතු කළ බව අවධාරණය කල මහින්ද රාජපක්ෂ මහතා ජාතික සම්පත් විකුණාගෙන කෑම යහපාලන රජයේ ප්‍රතිපත්තිය බවට පත් වූබවද අවධාරණය කළේය.
ජාතික සම්පත් විකුණා ගෙන කෑමේ පාප කර්මයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද දායකකර ගැනීමට එ.ජා.පය සමත් වී ඇති බවත් තම රජය විසින් ජාතියට දායාද කළ හම්බන්තොට වරාය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරයෙකු යටතේ පෞද්ගලීකරණය කිරීම මේ සඳහා ගත හැකි හොඳම නිදසුන බවත් ඒ මහතා මෙහිදී පෙන්වා දුන්නේය
වත්මන් රජය රට සහ ජාතිය අනතුරේ හෙළමින් දහ නව වන ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට කටයුතු කළ ද ඒ තුළින් මතුපිටිට පේන කරුණු වලට වඩා අර්බුදකාරී තත්ත්වයක් අභ්‍යන්තරව හට ගෙන තිබේ.
රජය මේ වනවිට ව්‍යවස්ථා පැළැස්තර දමා තවත් වරක් ජනතාව මුලාකිරීමට සැලසුම් කරමින් සිටින අතර එම උත්සහය පරාජය කිරීමට දේශපේ‍්‍රමී සියලූ පක්ෂ සමඟ අත්වැල් බැඳ ගැනීමට තමන් සූදානම් බවද විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී අවධාරණය කළේය.
popular news
Gamaraala Friday, 26 July 2019 06:02 PM
මාර චන්ද පසුබිමක් තියෙන පක්ෂ ටිකක් එකතුවුන නිසා මේ පක්ෂවල නායකයින්ගේ චන්ද ටික (ගෙදර අයගේ නැති වුනත් ) ෂුවර් එකට ලැබෙන නිසා පොහොට්ටුවට නව ජවයක් ලැබේවි. අනේ කොහොමහරි මේ ගොල්ලන්ට බලයදෙන්න අතීතය අමතක කරලා. මමත් දළදා මාලිගාව වටේ රේස් බලන්න ගිය කෙනෙක් හොඳේ.
Reply : 0 3
shan Friday, 26 July 2019 06:31 PM
ඇයි නුපන් උන්ට උපදින්න්වත් තැනක් නැති කරන්න පාරක් කපල දෙන්න කියලද? මහම රජා සහ පරපුර රට විකුණගන කාපු හැටි රටම දන්නවා අයෙත් ඉතුරු ටිකත් විකුණගන කන්න තමා අයෙත් මේ වලි කන්නේ නැතුව රටට ආදරේට නෙවේ අපි නොදන්නා රජපක්ෂ
Reply : 0 2
Lion Friday, 26 July 2019 07:03 PM
මට මේවට දෙකොනින්ම හිනා යනවා මේ උපාසක අප්පුගේ katha walata
Reply : 0 2
Kumar Friday, 26 July 2019 09:29 PM
දේශක් ද්‍රෝහියෙක් වෙන්න මොකක්ද කරන්න ඕනෙ. ද්විත්ව පුරවැසික ලබාගැනීමද එහෙම නැතිනම් මහජන මුදල් වියදම් කරලා තම පියාගේ නමින් ස්මාරකයක් සහ කවුතුකාගාරයක් තැනීම වැනි දෙයක් කිරීමද. එසේත් නැතිනම් තම දරුවන්ට අධි වේගයෙන් වාහන පදවන්න කොළඹ කොටුවේ රජයේ කාර්යාල වරුවක් නිවාඩු යැවීම වගේ දේවල් වෙන්න ඇති.
Reply : 0 2
lion Saturday, 27 July 2019 05:09 AM
අනේ අපොඉ මෙයා නටන මේ නාඩගම මොකක්ද .නරියට කුකුල්ලු බර දුන්න වගේ ථියෙඉ.
Reply : 0 1
Champa Saturday, 27 July 2019 05:41 PM
"පසුගිය වසර හතරහමාරක කාලය තුළ මෙම රජය මාතෘ භූමිය විනාශ කිරීමට කටයුතු" කරත්දී දැන් ඔය එකතු වෙච්ච පක්ෂ සහ පුද්ගලයන් වහල් ආණ්ඩුවට එරෙහිව කරේ මොනවාද කියලත් කිව්වා නම් තමා හොඳ. ඇත්තටම වහල් ආණ්ඩුවට වහල් ජනාධිපතිට සහ වහල් අගමැතිට විරුද්ධව 2015 ජනවාරි 9 ඉඳන් රට වෙනුවෙන් කතා කරපු, වහල් ආණ්ඩුවට එරෙහිවුණු කවුරුවත් ඔතන නැතුව, චන්ද කාලෙට හැමදාම දිනන පැත්තට හේත්තු වෙන සම්ප්‍රදායික පිල් මාරුවීම් හෝ සම්ප්‍රදායිකව පවතින ආණ්ඩුවට විරුද්ධව ඊළඟට බලය එයි කියල හිතන පැත්තට මාරු වෙන සම්ප්‍රදායික වැඩක් මිසක් වෙන මොකක්ද මෙතන තියෙන්නේ? 2015 පෙබරවාරි 18 ඉඳන් ඉතාම බලගතු තත්වෙක හිටපු ඒකාබද්ධ විපක්ෂේට එක පිලකට අද කී දෙනෙක්ගේ පස්සෙන් වැටෙන්න වෙලාද ඊළඟ චන්දෙ දිනන්න?
Reply : 0 1
Don Saturday, 27 July 2019 10:37 PM
නූපන් දරුවන් ගැන දැන් කතා දැම්මට මැරිච්ච දෙමාපියන්ගේ ස්මාරක හැදුවෙත් ජනතාවගේ සල්ලි වලින් බව දන්නවා.
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd