නීතිවිරෝධීව ගවමස් ප්‍රවාහනය කළ දෙදෙනෙක් අත්අඩංගුවට
- 7 09 2018
- 12:45
- {{hitsCtrl.values.hits}} views
- ..
ගවමස් තොගයක් නීතිවිරෝධී ලෙස ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු අද (7දා) අලුයම දුම්බ්ළුවාව වාඩියතැන්න ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව හෙම්මාතගම පොලීසිය පවසයි.
වාඩියතැන්න හා දුම්බුළුවාව ප්‍රදේශවල පදිංචිකරුවෝ දෙදෙනෙක් මෙසේ අත්අඩංගුවට පත්ව සිටිති.
දුම්බුළුවාව සුසාන භූමිය ආසන්නයේ ඉඩමක සත්ත්ව ගොවිපොළක් පවත්වාගෙන යන මුවාවෙන් නීතිවිරෝධී ගව ඝාතකාරයක් පවත්වා ගෙන යන බවට ලද තොරතුරකට අනුව කළ වැටලීමකදී අදාළ ගව මස් තොගය හා සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට පත් ගව මස් තොගය හා සැකකරුවන් අද (07දා) මාවනැල්ල දිසා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
මාවනැල්ල පොලීසියේ නිලධාරීහු පිරිසක් සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වති.
හෙම්මාතගම රොහාන් සී. ප්‍රේමතිලක


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
