පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීවරුන් කෙරෙහි ජනතාව තුළ ප්‍රසාදයක් නොමැති බවත් නීති විරෝධී කටයුතුවලට සම්බන්ධවූවන්ට මන්ත්‍රීධූර අපේක්ෂකත්වය ලබා නොදීමට කටයුතු සම්පාදනය විය යුතු යැයි මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් පැවසුහ.
ඉදිරි මහ මැතිවරණයේ අපේක්ෂකයන් සඳහා නිර්දේශිත “ මාර්තු 12 “ ප්රකාශනය පිළිබඳව දැනුවත් කිරීම සහ එහි පිටපතක් භාර දීම සඳහා මල්වතු මහ විහාරීය නිල ආරාමයට ඊයේ (01දා) පැමිණි පැෆරල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා හමුවේ මහා නායක හිමියන් මේ බව පැවැසිය.
නාම යෝජනා හිමිවන දූෂිත පුද්ගලයන් පවා පාර්ලිමේන්තුවට යැවීමට ඡන්ද දායකයන් කටයුතු කරන නිසා දූෂිත පුද්ගලයන්ට නාම යෝජනා ලබා නොදිය යුතු බවද මහානායක හිමියන් පැවැසුහ.
ඉකුත් සමයේදී මෙම ප්රකාශනය සඳහා මහජන නියෝජිතයන් එකඟ වුවත් එය අනුගමනය කරන තත්ත්වයක් දකින්න ලැබුණේ නැහැ. දූෂිත පුද්ගලයන් පාර්ලිමේන්තුවට පත් නොවිය යුතු බව අපේ මෙන්ම කාගේත් අදහසයි.
නමුත් පවතින මැතිවරණ ක්‍රමය නිසා නීති විරෝධී කටයුතු පවා සිදුකළ දූෂිත පුද්ගලයන් පාර්ලිමේන්තු වරම් ලබා ගැනීම කරන බවද මහානායක හිමියන් පැෆරල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා හමුවේ පැවසිය.
