නීතිවිරෝධීව පවත්වාගෙන ගිය කැස්බෑ ප්‍රදර්ශන මධ්‍යස්ථානයක් වැටලු මුතුරාජවෙල වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන් ඉතා දුර්ලභ කැස්බෑ විශේෂ කිහිපයක් හා කැස්බෑ බිත්තර තොගයක් අත්අඩංගුවට ගනු ලැබීය.
දුන්ගාල්පිටිය පිටිපන පොලීසිය අසල පවත්වාගෙන ගොස් ඇති මෙම නීතිවිරෝධී කැස්බෑ ප්‍රදර්ශන මධ්‍යස්ථානය වනජීවී නිලධාරීන් විසින් අද (22) උදෑසන වටලනු ලැබ තිබිණි. වැටලිමෙන් කෑස්බෑවුන් 07 දෙනෙකු ,කැස්බෑ බිත්තර සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
උක්ත වැටලිමෙන් අතිශය දුර්ලභ කොළ කැස්බෑවන් 2ක් , ලෙලි කැස්බෑවන් 4ක්, ඔළුගෙඩි කැස්බෑවන් 1ක්, කැස්බෑ පැටවුන් නිදර්ශක බොතල් 1 හා කැස්බෑ බිත්තර 25ක් පමණ අත්අඩංගුවට ගනු ලැබීය.
මෙම නීති විරෝධී කැස්බෑ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ දේශීය හා විදේශීය පුද්ගලයන් සදහා විවිධ මිල ගණන් යටතේ ප්‍රවේශ පත් ලබා දී තිබේ.
කැස්බෑ ප්‍රදර්ශන මධ්‍යස්ථානය වැටලීම වනජීවී අධ්යක්ෂ ජෙනරාල් එම්. ජී. සි. සූරියබණ්ඩාර මහතාගේ හා වනජීවී සහකාර අධ්යක්ෂ (බස්නාහිර) නීතිඥ ලලිත් කුමාර යන මහත්වරුන්ගේ උපදෙස් මත බස්නාහිර කලාප වැටලීම් ඒකකයේ වනසත්ව අඩවි ආරක්ෂක ලසන්ත ගුණවර්ධන මහතාගේ මෙහෙයවීමෙන් වනසත්ව අඩවි ආරක්ෂක ඒ. අබේරත්න, වනසත්ව අඩවි සහකාර බි. එස්.අතුකොරල, අයි. ආර්. සමරසිංහ, වනසත්ව නියාමක එල්.එල්. කුමාරසිංහ, සී. ජේ. වීරසේකර, රියදුරු අබේරත්න හා නිශ්ශංක යන නිලධාරීන් විසින් සිදු කර තිබිණි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හා කැස්බෑවුන් 22 දා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබිණි.

