රුපියල් එක්කෝටි පනස් ලක්ෂයක් පමණ වටිනා රත්රන් තොගයක් නීතිවිරෝධී ලෙස ඉන්දියාවේ චෙන්නායි වෙත රැගෙන යාමට තැත් කළ ඉන්දීය ජාතික ගුවන් මගීයෙකු ඊයේ (14) දින සවස කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ දී ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරියෙකු විසින් අත්අඩංගුවට ගෙන තිබේ .
මොහු අහමඩ් කබීර් නැමැති ඉන්දීය ජාතිකයෙකි .
ඔහු ඊයේ දින සවස 3.35 ට ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 274 දරන ගුවන් යානයට ඇතුළු වීම සදහා ගේට්ටු අංක 06 වෙත පිවිසීමෙන් සිටියදී , එම ප්රදේශයේ මුර සංචාරක කටයුතු වල නියැලී සිටි ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීවරයෙකු විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබුණි .
මෙම ඉන්දීය ජාතිකයා විසින් රැගෙන විත් තිබූ ගමන් මලු තුළ ග්රෑම් 90 ක් බර රත්තරන් කැබලි සහ කිලෝ ග්රෑම් 01 යි ග්රෑම් 340 ක් බර දියරයක් ලෙස සකස් කළ රත්තරන් තොගයක් ද සඟවා ගෙන තිබී ඇත .
මෙම ඉන්දීය ජාතික ගුවන් මගියා සහ ඔහු විසින් නීතිවිරෝධී ලෙස රැගෙන යමින් තිබූ රත්තරන් තොගය පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සිදු කිරීම සදහා කටුනායක ගුවන් තොටුපළ රේගු නිලධාරීන් වෙත භාර දී තිබේ .
කටුනායක - ටි.කේ.පි කපිල
