පාස්කු ඉරිදා ප්රාහාරය පිළිබඳව සොයා බලා වාර්තා කිරීමට පත්කළ පාර්ලිමේන්තු කාරක සභාව හමුවේ සාක්ෂි දීමට පැමිණි නීතිපති දප්පුලද ලිවේරා මහතා එහිදී නීති තර්ක මතුකරමින් තමාගෙන් සාක්ෂි විමසීම පිළිබඳව ගැටලු මතු කළේය.
එහිදී ඔහු එක් කරුණක් මතුකරමින් සඳහන් කළේ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගවන මූලික අයිතිවාසිකම් පෙත්සම් වෙනුවෙන් තමා කැබිනට් මණ්ඩලය වෙනුවෙන් පෙනී සිටින හෙයින් කැබිනට් මණ්ඩලයේ නියෝජිතයන් තමන්ගෙන් ප්‍රශ්න කිරිම ළබඳියාව පිළිබඳව ගැටලුවක් ඇති බවයි.
ඔහුගේ නීති තර්ක හමුවේ පිළිතුරු දුන් කාරක සභාව සඳහන් කළේ කාරක සභාව වෙනමම තීරණය කර පිළිතුරක් ලබාදෙන බවයි.
