නීතිඥ සංගමයේ සභාපති සමාව ගැනීමට සූදානමින්
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විධායක සභාවේ අනුමැතියකින් තොරව මාධ්‍ය හමුවක අදහස් දැක්වීම තුළින් තමන් වරදක් කොට ඇති බව එහි සභාපති, ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා මහතා පිළිගෙන ඒ සම්බන්ධයෙන් කොන්දේසි විරහිත සමාවක් ඉල්ලා ඇති බව වාර්තා වේ.
මෙම සමාව ඉල්ලීම පිළිබඳ විසිදහසක් පමණ වන ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සියලුම සාමාජිකයන්ට දැනුම් දී මාධ්‍ය නිවේදන නිකුත් කිරීමටද එකඟ වීම හේතුවෙන් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා නීතිඥ සංගමයේ මහාසභා රැස්වීමක් නොකැඳවීමටද තීරණය වූ බව වැඩිදුරටත් වාර්තා වේ.
කොළඹ අලුත්කඬේ පිහිටි ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ශ්‍රවණාගාරයේදී නීතිඥ සංගමයේ විධායක සභාව සහ නීතිඥ සංගමයේ සාමාජිකයන් පිරිසක් සමග පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව එලෙස තීරණය කළ බවද මෙම සාච්ඡාව අතරතුර ඉතා උණුසුම් මුහුණුවරක් ගත් බවද නීතිඥ සංගමයේ ආරංචිමාර්ග සඳහන් කරයි.
අගමැතිවරයා ඉවත් කිරීම සහ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ඇතුළු ජනාධිපතිවරයා ගත් ක්‍රියාවන් සාධාරණීය කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා මාධ්‍ය හමුවේ කරුණු දැක්වීම නීතිඥ සංගමයේ ව්‍යවස්ථාවට පටහැණි බවත්, ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මෙන්ම සභාපතිවරයා නීතිඥ සංගමයේ ව්‍යවස්ථාවට පටහැණි අන්දමින් කටයුතු කරන හෙයින් ඔහුගේ කටයුතු සහ ක්‍රියාකලාපයන් හෙළා දැකීමේ යෝජනාවක් ඉදිරිපත් කිරීම සඳහා විශේෂ මහාසභා රැස්වීමක් කැඳවන්නැයි නීතිඥ සංගමයේ සාමාජිකයන් විශාල පිරිසක් එහි ලේකම් කෞෂශල්ය නානායක්කාර මහතාට ඉල්ලීමක් කර තිබිණි.

popular news
-
සිංහයෝ බලු වෙනවා Monday, 26 November 2018 04:07 AM
කවර තරමේ සමවල් වලින් වත් වැඩක් නැත. තම දුරයේ බලය පහත පෞද්ගලික උවනනාවන් වෙනුවෙන් අවබවිතාකළ මහා දවල් ජනතා විරෝධී වැඩ සදහා තම නීති වෘර්තියත් තනතුරත් ගණිකා වෘතියේ යෙදොගත් අයහට තනතුරු හෙබවීම සදහා සදාචාරාත්මක හෝ නයිතික අයිතියක් නොමැත . මොහු පසුගිය වසර කීපයම ජනතාවගේ සල්ලි හොර හොරා ක වුන් හා ජනතාව විනාශය කර ගෙන යාම වෙනුවෙන් වෙහෙසවූ ය වෙනුවෙන් පෙනී සිටි මොහුවැන්නන් සද පිළිකුලෙන් බැහැර කල යුතුය
Reply : 36 2
rocky Monday, 26 November 2018 07:34 AM
මොන සමාවක්ද? එහෙම නම් ඉතින් ඕනෑම වරදක් කරලා සමාව ඉල්ල්ලුවම කරපු වරද අහෝසි වෙන්න එපාය! ඒක හරි යන්නේ නැහැ. මෙන්න අවස්තාවාදී පුද්ගලයාව `කොන්දේසි විරහිතව` එලවා දමන්න!
Reply : 27 2
Nandana Monday, 26 November 2018 11:48 AM
පුදුමේ කියන්නේ නීති සංගමේ සබාපති ,සංගමේ වියවස්ථාව දන්නේ නැත්ද ?.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

