නීති විරෝධිව හක් බෙල්ලන් ලඟතබා ගත් දෙනෙකු අත්අඩංගුවට
මන්නාරම තාරපුරම් සහ තලෙයිමන්නාරම, ඌරුමලෙයි යන ප්රදේශයන් හි ඊයේ (24) සහ අද දින (25) සිදුකල සෝදිසි මෙහෙයුම් දෙකකදි නීති විරෝධි ලෙස හක් බෙල්ලන් ලඟ තබා ගෙන සිටි සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට ශ්රී ලංකා නාවික හමුදාව සමත්ව ඇත.
උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවික පිරිසක් මන්නාරම, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ තලෙයිමන්නාරම, සහකාර ධීවර අධ්යක්ෂක කාර්යාලය හා එක්ව මන්නාරම, තාරපුරම් සහ තලෙයිමන්නාරම, ඌරුමලෙයි යන ප්රදේශයන්හි සිදු කළ ඒකාබද්ධ මෙහෙයුම් වලදී මෙලෙස නීති විරෝධි ලෙස හක් බෙල්ලන් ලඟ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙක් (02) හක් බෙල්ලන් 1550 ක් සහ 284 ක් සමග අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදි.
මෙම සැකකරුවන් වයස අවුරුදු 32ක් වන එම ප්රදේශයන්හිම පදිංචිකරුවන් බවට හදුනාගෙන ඇති අතර, සැකකරුවන් දෙදෙනා සහ හක් බෙල්ලන් තොගය සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ කටයුතු සිදු කිරීම සඳහා මන්නාරම, සහකාර ධීවර අධ්යක්ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරන ලදි.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
