නිවාඩු මාස වලදී ගුරු වැටුප් නොදෙන බවට වන පුවත් අසත්‍යයි
නිවාඩු මාසවල ගුරුවැටුප් ගෙවීම නතර කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යවරයා විසින් කැබිනට් පත්‍රිකාවක් ගෙන ඒමේ සූදානමක් ඇති බව දක්වමින් මේ වනවිට අන්තර්ජාලය හරහා ප්‍රචාරය වන පුවත අසත්‍යක් බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
මෙම අසත්‍ය පුවත සමාජගත කිරීම පිටුපස අධ්‍යපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ හා අධ්‍යාපන අමාත්‍යංශයේ ප්‍රතිරූපය විනාශ කිරීමේ නිර්ලජ්ජිත කුමන්ත්‍රණයක් බවද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
අමාත්‍යවරයා විසින් බදුල්ලේ පැවති උත්සවයකදී පැවසූ බව දක්වමින් වෙබ් අඩවියක පළවූ පුවතක් තවත් කණ්ඩායමක් විසින් මුදල් ගෙවා ෆේස් බුක් සමාජ ජාල ඔස්සේ ව්‍යාප්ත කිරීමේ උත්සහයක නිරතවන බව පැහැදිලි බවද එම නිවේදනයේ දැක්වෙයි.
අධ්‍යාපන අමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් අධ්‍යාපන අමාත්‍යංශය සිදුකරන ජනතා විශ්වාසය දිනාගත් වැඩසටහන් පිළිබදව මෙන්ම ඒ හරහා ගොඩනැගී ඇති අධ්‍යාපන අමාත්‍යවරයාගේ ප්‍රතිරූපය සහ පෞරුෂත්වය බිඳදැමීමේ කුමන්ත්‍රණයක් මේ හරහා ක්‍රියාත්මක බවට පැහැදිලි තොරතුරු ඇති බවත් ඔවුන් සඳහන් කරයි.
අදාළ ප්‍රවෘත්තිය සමාජ මාධ්‍ය ජාල තුළ ව්‍යාප්ත කිරීමට සැලසුම් සහගතව කටයුතු කළ කණ්ඩායම් හා පුද්ගලයින් පිළිබද අමාත්‍යංශය මට්ටමින් හෙට දිනයේ පොලිස් පැමිණිල්ලක් සිදුකිරීමටත් අවශ්‍ය ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත් කටයුතු කරන බවද අමාත්‍යාංශය සඳහන් කරයි.

popular news
-
Champa Saturday, 18 August 2018 02:21 PM
මේකට අදාළ නැති වුනත් වෙන ලියන්න තැනක් නැති නිසා මෙතන ලියනවා. විභාග දෙපාර්තුමේන්තුව විභාග කාල සටහන තැන් දෙකක දෙවිදියකට දමපු නිසා සමහර දරුවන්ට අසාධාරණයක් වෙලා තියෙනවා. ඒ හින්ද සිංහල සහ බෞද්ධ දර්ශනය විභාග ප්‍රශ්න පත්‍ර වලට පෙනී ඉන්න බැරි වෙච්ච දරුවෝ ඉන්නවා. විභාග දෙපාර්තුමේන්තුව කියනවා admission card එකත් එක්ක එවන කාල සටහනට අනුව විභාගයට යන එක පාසල් ශිෂ්‍යයන්ගේ වගකීමක් කියලා. මේ කතාව සම්පූර්නයෙන්ම හෙලා දකිනවා. විභාග කාල සටහන් දෙකක් දාලා වගකීමකින් තොරව වැඩ කරලා තියෙන්නේ විභාග දෙපාර්තුමේන්තුවේ නිලධාරියෝ. අපොස උසස් පෙළ කියන්නේ දරුවන්ගේ අනාගතය තීරණය කරන තැන. විභාග දෙපාර්තුමේන්තුව දරුවන්ගේ අනාගතය එක්ක සෙල්ලම් කරපු එක වැරදියි. ඒ හින්ද විභාග දෙපාර්තුමේන්තුවේ මුග්ධකම නිසා ඇති කරපු කාල සටහන් අර්බුදය නිසා සිංහල සහ බෞද්ධ දර්ශනයට පෙනී ඉන්න බැරි වුනු දරුවන් වෙනුවෙන් අලුත් ප්‍රශ්න පත්‍රයක් තැබිය යුතුයි. මේ වගේ සංවේදී ප්‍රශ්නයකදී ආණ්ඩුව ගන්න ඕනේ දරුවන්ගේ පැත්ත. ඒ හින්ද අසාධාරණයක් වෙච්ච දරුවන්ට නැවත ඒ ප්‍රශ්න පත්‍ර දෙකට පෙනී ඉන්න අධ්‍යාපන ඇමතිතුමා ඉඩ ප්රස්ථා හදල දිය යුතුයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

