බලංගොඩ පොලිස් වසමේ ඇල්ලේපොළ ප්රදේශයේ නිවසක ගින්නක් හට ගෙන ඇති බවට බලංගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත නිලධාරීන් එම ස්ථානයට ගොස් පරික්ෂා කිරිමේදි නිවසසේ සිටි පුද්ගලයෙකු හා කාන්තාවක් පිලිස්සුම් තුවාල ලබා බලංගොඩ රෝහලට ඇතුලත් කර ඇති අතර ඒ ආසන්නයේ ගසක ගැට ගැසු ලණුවක් ආධාරයෙන් තවත් පුද්ගලයෙකු ගෙල වැලලාගෙන සියදිවි හානි කරගෙන ඇත.
පවුලේ සිදු වු පවුල් ආරවුලක් මත තුවාල ලැබා සිටින නිවසේ හිමිකරුගේ ඥාතියෙකු විසින් ඒම නිවසට ගිනි තබා ඔහුද ගෙල වැලලාගෙන සියදිවි හානිකරගෙන ඇත.
මරණකරු අවු.37ක්වු මොරහැල,බලංගොඩ පදිංචි දොන් සංජීව සේනාධිර යන අය වේ.
බලංගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
