නිල්වලා - ගිං ව්‍යාපෘතියෙන් මිලියන 4800ක කප්පම් ඉල්ලලා
නිල්වලා - ගිං ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා විදේශ සමාගමකින් ඩොලර් මිලියන 30ක හෙවත් රුපියල් මිලියන 4800ක අල්ලසක් ලබා ගැනීමට තැත්කළේ යැයි කියනු ලබන සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රධාන පෙළේ දේශපාලනඥයකුගේ උපදේශකවරයකු හා ඔහුගේ ඥාති පුත්‍ර‘යෙක් පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර ඇති බව වාර්තා වේ.
හිටපු ලේකම්වරයකුවූ මෙම උපදේශකවරයා මෙම මුදලින් ඩොලර් මිලියන පහක් මුලින් ලබාදෙන ලෙසටත් ඉතිරි ඩොලර් මිලියන 25ක මුදල සිංගප්පූරුවේ බැංකුවක තැන්පත් කරන ලෙසටත් අදාළ විදේශ සමාගම සමග එකඟ වී සිටි බවට තොරතුරු අනාවරණය වී ඇත.
නිල්වලා - ගිං ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබාගැනීමේ පත්‍රිකාව මෙම උපදේශකයා මාස 3කට අධික කාලයක් තිස්සේ ඉදිරිපත් කිරීමට ඉඩදී නොමැති බවද පවසයි.
මීට පෙර පසුගිය රජය කාලයේදී මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා මුල්ගල් තබා මිලියන 400ක මුදලක් වෙන්කර තිබුණද ඒ මුදලට සිදුවූ දෙයක් නොමැති බවද වාර්තා වේ.
දෙවැනි වතාවට මෙම රජය මගින් මෙම යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණත් මාස 4ක කාලයක් තිස්සේ එම පත්‍රිකාව ඉදිරිපත් කර නොමැති බවද අනාවරණය වී ඇත.
දයාසීලි ලියනගේ (ඉරිදා ලංකාදීප)

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
