නිලධාරීන්ටත් නොදන්වා අමරවීර වැඩ අරඹයි
නව අමාත්‍ය මණ්ඩලයේ මගී ප්‍රවාහන කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් මහින්ද අමරවීර මහතා ඊයේ (22දා) සිය විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයට හදිස්සියේම පැමිණ වැඩ භාරගනු ලැබිණි.
නව ජනාධිපතිවරයාගේ වියදම් සීමාකිරීමේ සංකල්පයට අනුව එම අවස්ථාව ඉතා චාම් අයුරින් පැවැත්වූ අතර අමාත්‍යංශ නිළධාරින්ද මේ සදහා පූර්ව සූදානමක් නොතිබීම විශේෂත්වයකි. මේ සමඟම කොළඹ පිහිටි ඛනිජ තෙල් අමාත්‍යංශය හා සෙත්සිරිපායේ පිහිටි ප්‍රවාහන අමාත්‍යංශයේද වැඩ භාරගනු ලැබිණි.

popular news
-
Kumar Sunday, 24 November 2019 07:24 AM
අලුත් ඇමතිට විදුලිබල මණ්ඩලය හදන්න පුළුවන් නම් ඉර බටහිරින් පායයි. ඒක බලු වලිගයක් දිග හරින්න හදනව වාගෙ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

