නිරෝගිමත් ජනතාවක් බිහිකරන්න අවශ්‍ය සෑම පියවරක්ම ගන්නවා - පවිත්‍රා
තංගල්ල මුලික රෝහල ශ්‍රි ලංකාවේ ඉහළම පහසුකම් ඇති සුවිශේෂී වූ මුලික රෝහලක් වශයෙන් වැඩිදියුණු කරන බව කාන්තා හා ළමා කටයුතු සමාජ ආරක්ෂණ සෞඛ්‍ය හා පෝෂණ දේශීය වෛද්‍ය කටයුතු ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසීය .
තංගල්ල මුලික රෝහල තුළ අලුතින් ඉදිකරනු ලැබූ දෙමහල් ළමා වාට්ටු සංකීර්ණය විවෘත කිරිමෙන් පසුව අමාත්‍යවරිය මේ බව කියා සිටියේය .
තංගල්ල රුහුණු කරලිය සංවිධානය ,දකුණු පළාත් සභාව සහ රෝහල් සංවර්ධන කමිටුවේ මුල්‍ය දායකත්වයෙන් ඉදිකෙරුණු ළමා වාට්ටු සංකීර්ණය ඊයේ( 15) වනදා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි .
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරිය,
''තංගල්ල මුලික රෝහල සියලුම පහසුකම් වලින් යුක්ත ඉහළ ගණයේ මුලික රෝහලක් වශයෙන් සංවර්ධනය කිරීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතාගෙන් උපදෙස් ලැබී තිබෙනවා. ඒ අනුව ඉතා කඩිනමින් රෝහල වැඩිදියුණු කරනවා එමෙන්ම හම්බන්තොට මහා රෝහලත් තවත් දියුණු කොට ජනතාවට පහසුකම් සපයන බව ද අමාත්‍යවරිය මෙහිදී කියා සිටියේය.
එමෙන්ම ජනතාව නිරෝගිමත් පිරිසක් බවට පත්කිරීම සදහා අවශ්‍ය සෑම පියවරක්ම ගන්නා බවද අමාත්‍යවරිය මෙහිදී කියා සිටියේය.

![]()
-
Veenata Chikka Thursday, 16 January 2020 03:02 PM
කන්ඩ නැතුව බිහිකරන නිරෝගිමත් ජනතාව ! මුන්ගේ අහවල් එක ! මස දෙකෙන් හදපු ඒවා වෙන්ඩ ඇති විවෘත කරන්නේ !
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

