නිදහස් පක්ෂයෙන් අපේක්ෂකයෙක් ඕන - වෙල්ගම
එළැඹෙන ජනපතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කළ යුතු බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේ මහතා හෝ වෙනත් අයෙක් ඒ වෙනුවෙන් ඉදිරිපත් විය යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පැවැසීය.
කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.
"මෙවර ජනපතිවරණයට නිදහස් පක්ෂය තරග කළ යුතුයි. අපිට මිනිස්සු ඉන්න බව පෙන්වන්න ඕන. පක්ෂය තිබෙන බව පෙන්වන්න ඕන. ජනපතිත් ඉන්නවා. වෙනත් කෙනෙක් ඉන්නවානම් අපි සහාය දෙනවා.
තාම මගේ නම යෝජනා වී නෑ. කවුරුවත් නැත්නම් නිදහස් පක්ෂය මං ගැන බලයි. මම හොඳද කියන එක ඒ අය බලයි. මගේ නම යෝජනා වුණොත් මම ඉදිරිපත් වෙනවා.
මට ඉදිරියට යන්න පුළුවන්. මට අභියෝගයක් නෑ. මිනිස්සු දන්නවා කුමාර වෙල්ගම කෙලින් කථා කරන කෙලින් මිනිහෙක් කියලා දන්නවා. මා ගැන මිනිස්සුන්ට ලොකු විශ්වාසයක් තිබෙනවා" යයි ඔහු පැවැසීය.
popular news
-
karu Wednesday, 25 September 2019 04:12 AM
ඔබ තුමාගේ කෙලින් වීම කොහොම වුනත්, ඔබ කරන දෙය රටටම විපතක් බව ඔබට තේරෙන්නේ නැද්ද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

