නිදහස් පක්ෂයට ආණ්ඩුවේ ඉන්න බෑ
ඩොලරය හා බඩු මිල ඉහළ යන ආකාරයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිස්වලට ආණ්ඩුවේ සිටිය නොහැකි තත්ත්වයක් උදාවී ඇති බව විපක්ෂයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම සඳහන් කරයි.
මේ වන විට ලංකාවේ පහළට ගමන් කරන්නේ රුපියල පමණක් බවත් අනෙක් සියලුම දේ ඉහළටම ගමන් කරමින් තිබෙන බවද පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා අද (20දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.
මේ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම දිගින් දිගටම ආණ්ඩුවේ සිටියහොත් මෙම පව්වලට නිස්කාරණයේ කර ගැසීමට සිදු වන බවද හෙතෙම පවසා සිටියේය.

popular news
-
Nandana Thursday, 20 September 2018 08:38 PM
ඔබ මහජන නියෝජිතයෙක් නොවේ .
Reply : 0 0
Ruwan Friday, 21 September 2018 06:41 AM
ලෝක ආර්ථිකය හෝ ආර්ථික විද්‍යාව පිලිබඳ නුගත් වන ඔබ කට වහගෙන සිටියානම් හොඳයි. මේ කාලයේදී ඩොලරයට සාපේක්ෂව සියලුම මුදල් එකක අව ප්‍රමාන වෙමින් පවතින බව හතර වසරේ සිටින අපගේ පොඩි ළමුන් පවා දන්නා දෙයකි. එය නුගත් ඔබවැනි පිරිසට නොතේරීම පිලිබඳ අපට ඇත්තේ කනගාටුව සමග සතුටකි. මන්ද ඔබවැනි පිරිස් නැවත අප පත් කරනොගනිමට මෙයත් උදාහරණයක් බැවිනි.
Reply : 0 0
rocky Friday, 21 September 2018 05:35 PM
ඔබතුමාත් රුපියල වගේම බොහොම වේගෙන් පහල යන බව බලාගන ඉන්න අපිට නම් පේනවා.රුපියලට නම් ආපහු නැගීමට ඉඩ තියනවා.එත් .. ඔබතුමා..?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
