නිදහස් දිනයට ජාතික කොඩියක් ඔසවන්න
2020 පෙබරවාරි 04 වන දිනට යෙදෙන 72 වන නිදහස් සැමරු උළෙල හේතුවෙන් පෙබරවාරි 01 වන දා සිට 07 දක්වා ජාතික කොඩිය ඔසවා තබන ලෙස රජය දන්වා සිටියි.
එසෙමේ පෙබරවාරි 03 සහ 04 දෙදින රජයේ සියලුම ආයතන විදුලි ආලෝකයෙන් සැරසිලි කිරීමටත් නියමිතය.
මීට අතරව පෙබරවාරි 04 වන දින පෙ.ව. 08 30 ට යෙදෙන සුබ මොහොතින් දිවයිනම ආවරණය වන පරිදි පැළ සිටුවීමේ ව්‍යාපාරක්ද ැවැත්වීඹට නියමිතය.
සියලුම රාජ්‍ය හා පෞද්ගික ආයතන, නිවෙස්, වෙළඳ සැල් හා වාහනවල ජාතික කොඩිය ඔසවා තබන මෙන් රජය සියලු දෙනාගෙන් ඉල්ලීමක් කළේය.
පැල සිටුවීමේ ව්‍යාපාරයේදී රජයේ ආයතන පරිශ්‍ර තුළ මී, කොහොඹ, කුඹුක් , මෙන්ම ඒ ඒ ප්‍රදේශයන්ට ගැලපෙන පැළ වර්ග ද මද ඉඩ පහසුකම් සහිත පරිශ්‍රයන් තුළ පලතුරු හෝ ඖෂධ පැළ සිටුවීමටත්, නාගරික ප්‍රදේශවල මල් පෝච්චි තුළ සුදුසු ඖෂධ හෝ පලතුරු පැළ සිටුවීමට අවශ්‍ය කටයුතු කරන ලෙසත් ස්වදේශ කටයුතු අමාත්‍යාංශය චක්‍රලේඛයක් මගින් රජයේ සියලුම ආයතන ප්‍රධානීන්ට දැනුම් දී තිබේ.
-
rocky Friday, 31 January 2020 06:42 AM
කවුරු හරි බිස්නස්කාරයෙක් පිටරටින් කොඩි තොගයක් ගෙන්නලා ඇති නේද .. අපේ මිනිසුන්ට බොරු ජාති ආලයක් පෙන්නලා ව්කුනා ගන්න?
Reply : 0 0
Don Friday, 31 January 2020 08:35 AM
කොරෝනා වයිරසයේ තියෙන භයානකකම තේරුම් අරගෙන නිදහස් උත්සව කල්දාන්න. මිනිස්සු රැස්කරන්න එපා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

