නැගෙනහිර පර්යන්තයට හවුල් ව්‍යාපාරයක් ගේනවා කියලා නෑ.
ඉන්දියාව සමග පසුගිය වසරේ අත්සන් කළ අවබෝධතා ගිවිසුමේ නැගෙනහිර පර්යන්තය හවුල් ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යෑමට ඉන්දියාව ලබාදෙන බවට සඳහන් කර නොමැති බව වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා සදහන් කළේය.
එහෙත් පර්යන්තයක් ලබාදෙන බවට සඳහන් කර තිබෙන බැවින් බටහිර පර්යන්තය සංවර්ධනය කර පවත්වාගෙන යෑමට ලබාදීම ප්‍රශ්නයක් නොමැති බවද හෙතෙම පවසා සිටියේය.
අනෙකුත් රටවලට සලකන ආකාරයටම ඉන්දියාවටත් සැලකිය යුතු බවත්, ඉන්දියාව සමග ශ්‍රී ලංකාව ශක්තිමත් සම්බන්ධතාවක් තිබෙන බවත් අද (25දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

popular news
-
Champa Thursday, 25 October 2018 10:36 PM
නැගෙනහිර පර්යන්තයෙන් 80%ක් ඉන්දියාවට දෙන්න පොරොන්දු වුනා කියලා කිව්වේ "ද හින්දු" පුවත්පත. අපි නෙමෙයි. එක එක රටවල් සතුටු කරන්න රටේ සම්පත් විකුනන්න ආණ්ඩුවක් ඕනේ නැහැ. එහනම් ලංකාව පාලනය කරන්න එක ඉන්දියාවේ ඉඳන් ඉන්දියන් ආණ්ඩුවටයි චීනේ ඉඳන් චීන ආණ්ඩුවටයි ඇමරිකාවේ ඉඳන් ඇමරිකන් ආණ්ඩුවටයි බාර දීල මෝඩ ආණ්ඩුව ගෙදර යන්නයි තියෙන්නේ. දැන් කියනව ඉන්දියාවට නැගෙනහිර නොදී බටහිර පර්යන්තය දෙනවලු. දෙකම එකයි. අනේ ඇත්තට මේ ඇමතිවරු කවදාවත් ඉස්කෝලේ ගිහින් තියෙනවා කියල අහන්න වෙනවා. ලංකාවට සල්ලි මවන උල්පතක් කරගන්න පුළුවන් කොළොඹ වරායේ පර්යන්ත තුනෙන් දෙකක්ම විදේශ රටවලට විකුනන්න හදන මොලේ අමාරු කාරයෝ ඉන්නේ ලකාවේ විතරයි. චීනේ ආයෝජනය කරපු නිසා තමයි ගැඹුරු පර්යන්තයක් හදන්න පුළුවන් වුනේ. එහෙමයි කියල ඉන්දියාවටත් පර්යන්තයක් දෙන්න අපි බැඳිලා නැහැ. චීනෙයි ඉන්දියාවයි අතරේ තියෙන ප්‍රශ්න වලට ලංකාව මැදිහත් වෙන්න ඕනේ නැහැ. අනික මිනිස්සු චන්දෙ දුන්නේ එක එක රටවලට සාධාරණය ඉෂ්ඨ කරන්න නෙමෙයි, තමන්ගේ රටට සාධාරණයක් ඉෂ්ඨ කරන්න. ඉන්දියාවට ඕනේ තරම් අදායම් මාර්ග තියෙනවා. අපේ රටටයි ආදායම් මාර්ග නැත්තේ. එහෙම තියෙද්දී තියෙන එකත් දෙන්න යන
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

