නාවලපිටිය අයවැය ස්වාධීන කණ්ඩායම දිනයි
- 25 11 2026
- 17:11
- {{hitsCtrl.values.hits}} views
- හැටන් රංජිත් රාජපක්ෂ
නාවලපිටිය නගර සභාවේ 2027 අයවැය එහි සභාපති අමල් ප්රියංකර (ස්වාධීන) විසින් (25) දින සභාවට ඉදිරිපත් කරනු ලැබීය. පුනරාවර්තන ආදායම රු.292,657,882 වන අතර පුනරාවර්තන වියදම රු.292,657,040 වේ.
අයවැය සම්මත කිරීමට පැවැත්වූ විවෘත ඡන්දයෙන් අයවැයට පක්ෂව ඡන්ද 09ක් ලැබුන අතර ජාතික ජන බලවේගයේ මන්ත්රීවරුන් 05 දෙනා විපක්ෂව ඡන්දය භාවිතා කරන ලදී.
අයවැයට පක්ෂව ස්වාධීන කණ්ඩායම් අංක 02 පාපන්දුව ලකුණ යටතේ තරග කළ කණ්ඩායම මන්ත්රී 05 , ස්වාධීන කණ්ඩායම් අංක 01 ලබාගත් මන්ත්රීවරුන් 02ක්, එක්සත් ජාතික සන්ධානයේ මන්ත්රී 01, සමග ජන බලවේගයේ 01 ක් ඡන්දය භාවිතා කළහ.සමගි ජන බලවේගයේ එක් මන්ත්රීවරයකු සභාවට පැමිණ සිටියේ නැත.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
