නායකයා වෙලාවට ඒවි - ඥානසාර හිමි
ජාතික ඒකාබද්ධතාවය ගැන තීන්දු තීරණ ගත හැකි, ජාතික වශයෙන් තීරණ ගතහැකි, සංඝයා වහන්සේට කන්දෙන නායකයෙකු රටට අවශ්‍යව ඇති බවත් එවන් නායකයෙකු වෙලාවට පැමිණෙනු ඇති බවත් බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගඅත්තේ ඥාණසාර හිමියෝ ගම්පහදී පැවසුහ.
ගම්පහ, ඉදිගොල්ල විද්‍යාවංශ පිරිවෙන් විහාරස්ථානයේ පැවති " විදත් රාව " ගම්පහ විද්වත් කතිකාවේදී උන්වහන්සේ එසේ කීය.
නැදගමුවේ විජය මෛත්‍රී නාහිමියන් මුලසුන හෙබවූ මෙම කතිකාවේදී ඥාණසාර හිමියෝ මෙසේද පැවසුහ.
" අපට මොන දේවල් කිරීමටත් රටක් තිබිය යුතුයි. අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් රජය ක්‍රියාකරන ආකාරය ගැන විශාල කම්පාවක් පවතිානව.රිය අනතුරක් සිදුවු විටෙක පොලීසිය ක්‍රියාත්මක වන ආකාරයට සමානව තමයි මෙම ප්‍රහාරය සම්බන්ධයෙනුත් ක්‍රියා කරන්නෙ.
ප්‍රහාරයත් එක්ක අපිට කියා දෙන පණිවිඩය ඉතාමත් ගැඹුරුයි. නමුත් මේ ප්‍රහාරය දියත් වුණාට පස්සෙවත් අදටත් අපිට බැරිවෙලා තිබෙනව, කියන්න ලැජ්ජයි, අපේ නිකායික මුලස්ථානය වෙන්න පුළුවන් , දේශපාලන ධාරාවේ නායකයින් වෙන්න පුළුවන්, ජාතික සංවිධාන කියන සංවිධාන වෙන්න පුළුවන්, දේශකයින් කියන හාමුදුරුවරු වෙන්න පුළුවන් , මේ ප්රශ්නය ගැන විවෘතව කතා කරන්නට කෙනෙක් නැහැ. මොන අවාසනාවක්ද මේ. දේශපාලනය කරන්නත් රටක් තිබිය යුතුයි. පන්සල් හදන්නත්, බණ භාවනා කරන්නත් , මොන දේ කරන්නත් රටක් තිබිය යුතුයි.
සහරාන්ලා වගේ තවත් හාර පන්සීයක් පුපුරවගන්න පුලුවන්. වෙනත් විධි වලින් එන්නත් පුලුවන්. මේ ප්රශ්නය කළමනාකරණය කිරීමේදීවත් අවම වශයෙන් බුදු මග පාවිච්චියට නොයන්නේ ඇයි කියල මට භික්ෂූන් ලෙස විශාල වේදනාවක් තිබෙනව. චතුරාර්ය සත්‍ය , හේතුඵලවාදය තේරුම් ගත්තා නම් මේ තත්ත්වයන් වලක්වාගන්න පහසු වෙනව.
මේ ආගමික උම්මත්තවාදය පරාජය කිරීමේ වගකීම භික්ෂූන් වහන්සේලා අතට ගත යුතුයි. ඒක අපේ අතට නොගත්තොත් , වසර තිහක් දේශපාලකයින් වවාගෙන කාපු එල්. ටී. ටී. ඊ. ත්‍රස්ත කල්ලිය වගේ වේවි.
ඉස්ලාමීය පිළිකාව අපි ඉවත් කළ යුතුයි. මේ නිසා සාම්ප්‍රදායික මුස්ලිම් සමාජය නිවැරදි රේඛාව තෝරාගත යුතුයි , ආගමේ ඇති අන්තවාදය සහ සහජීවන පදනම කුමක්ද යන්න. හාමුදුරුවන් ලෙස ඒ සමාජය සාකච්ඡාවට කැඳවන්න වෙනව. අද අපි ඉන්නේ ඉතාමත් අවධානම් තැනක.පසුගිය වසර හැත්තෑවක් තුල අස්වැද්දු දේවල් තමයි අද නෙලා ගන්නෙ.”
ගම්පහ තිලකරත්න දිසානායක

popular news
-
Champa Wednesday, 03 July 2019 10:28 AM
අනිවාර්යයෙන්ම රටේ ඊළඟ නායකයා දේශපාලනයට සම්බන්ධ කෙනෙක් නොවිය යුතුයි වගේම දෙමල හෝ මුස්ලිම් කේවල් දේශපාලනයේ ගොදුරක්ද නොවිය යුතුයි. වෙනත් විදිහකට කියනව නම් ඊළඟ නායකයා පත් වෙන්න ඕනේ සිංහල චන්ද වලින්. දෙමල මුස්ලිම් අන්තවාදය ත්‍රස්තවාදය නැති කරන්න නම් ඉස්සෙල්ලම කරන්න ඕනේ දෙමල මුස්ලිම් දේශපාලකයන් අතේ තියෙන චන්ද කේවල් කිරීමේ බලය අහිමි කරන එක. එහෙම කරන්න නම් සිංහලයන් එකම අරමුණකින් එකට එකතු විය යුතුයි. සිංහලයන්ට කවදාවත් නායකත්වයේ අඩුවක් තිබුනේ නැහැ. ඉතිහාසයට අනුව රට අසරණ වූ හෝ විනාශකාරී බලපෑම් තිබුණු හැම වෙලාවෙම අලුත් නායකත්වයක් බිහි වෙලා තියෙනවා. අද භයානකම තර්ජනය තියෙන්නේ සම්බුද්ධ සාසනයේ පැවැත්මට. මේ රට මෙහෙමවත් ඉතිරි වෙලා තියෙන්නේ බුදු දහම නිසා. සාසනය රැකුනොත් රටත් රැකෙයි. වහල් ආණ්ඩුව ඇමරිකාවට රට පවා දෙන VFA ගිවිසුමෙන් කෙලින්ම තර්ජනයක් එන්නේ සම්බුද්ධ සාසනයට, බෞද්ධ සමාජයට, සිංහල සංස්කෘතියට. ඊළඟට MCC ගිවිසුම අනුව අනුරාධපුර හරහා කොළොඹ සිට ත්‍රිකුණාමලයට වරාය ඉඩමුත් එක්ක අක්කර විසිලක්ෂ ගානක් අහිමි වෙනවා. අනුරාධපුර පොලොන්නරුව මිහින්තලේ දඹුල්ල සිගිරිය මේ සියලු පුදබිම්, ජයබිම් අවහිර වෙලා අහිමි වෙනව.
Reply : 3 12
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

