නාමල්ගෙන් රංජන්ට හා එජාපයට අභියෝගයක්
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් නිව්යෝක් ටයිම්ස් පුවත්පත පළකළ අසත්‍ය ලිපිය සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පොලිස් මූල්‍ය අපරාධ ඒකකයේ පැමිණිල්ලක් ගොනු කළ අයුරින්, හැකිනම් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඔස්ට්‍රේලියාවෙන් එල්ල වූ අල්ලස් චෝදනාව සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට පැමිණිල්ලක් ඉදිරිපත් කරන්නැයි රන්ජන් රාමනායක මහතාට මෙන්ම එක්සත් ජාතික පක්ෂයට අභියෝග කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
‘මේ පිළිබඳ 'අද^ට අදහස් දැක්වූ මන්ත්‍රීවරයා
“නිව්යෝක් ලිපිය පළවී පැය කිහිපයකින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට විරුද්ධව පොලිස් මූල්‍ය අපරාධ ඒකකයට නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පැමිණිල්ලක් ඉදිරිපත් කළා.
නමුත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඔස්ට්‍රේලියාවෙන් ඉදිරිපත් වූ චෝදනා සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට රන්ජන් රාමනායක මහතාට හෝ එක්සත් ජාතික පක්ෂයට නොහැකි වී තිබෙනවා.
එක්සත් ජාතික පක්ෂයට හෝ රන්ජන් රාමනායක මහතාට කොන්දක් තිබෙනවා නම් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඔස්ට්‍රේලියාවෙන් එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි ඉල්ලාපැමිණිල්ලක් ඉදිරිපත් කරන ලෙස මම අභියෝග කරනවා” යනුවෙන් කියා සිටියේය.

popular news
-
Dayan Tuesday, 03 July 2018 07:40 AM
ඔව්. සේරම හොරු.
Reply : 0 1
Saleem Tuesday, 03 July 2018 08:32 AM
කොන්දක් අනිවාර්යෙන්ම ඔබට සහ ඔබගේ පියා ඇතුළු නව පක්ෂයට තියෙනවනම් කරුණාකර ඔප්පු කරන්න නිව් යෝර්ක් times වාර්තාව සත්යෙන් තොර බවට. අනෙකුත් අය ගැන පසුව කතා කරන්න. පුලුවන්නම් නාමල් එය කර පෙන්වන්න.
Reply : 0 101
Ruwan Tuesday, 03 July 2018 02:35 PM
ඇමති තුමන්ලාට අබියෝග කරන්න තරම් නාමල් කියන ඔබ කවුද? හිටපු ජනාධිපති තුමාගේ පුතා කියන්නේ තවත් එක පුද්ගලයෙක් පමණි. වැඩ කරනවන සජිත් වගේ රටට කටින් නොව ක්‍රියාවෙන් වැඩ කර පෙන්වන්න.
Reply : 0 12
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
