නාමල් කුමාර පදිංචිය වෙනස් කරයි
පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන පදිංචි ස්ථානය වෙනස් කිරීමට තීරණය කළ බව දූෂණ විරෝධී බළකායේ මෙහෙයුම් අධ්යක්ෂ නාමල් කුමාරගේ මහතා සඳහන් කළේය.
ජනාධිපති ඝාතන කුමන්ත්‍රණ හෙළිදරව්ව පිළිබඳ පරීක්ෂණ සිදුවෙමින් තිබියදී එම කතාව වෙනතකට හැරවීමට නාමල් කුමාර හිටපු හමුදා සාමාජිකයෙකු බවට ප්‍රචාරයක් දියත් කරමින් තිබෙන බවද පවසා සිටියේය.
කිසි දිනක හමුදාවේ සේවයකර නොමැති බවත් එහෙත් ගුවන් හමුදාවට බැඳීමට පැවැති සම්මුඛ පරීක්ෂණයෙන් සමත්ව සිටියදී තමා හදිසි අනතුරකට ලක්වූ බවද පවසා සිටියේය. මේ නිසා මූලික පුහුණුව හෝ ලබා ගැනීමට නොහැකි වූ බවද සඳහන් කළේය.
එම නිසා පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන අද (24දා) පදිංචිය වෙනස් කළ බවද පවසා සිටියේය.

popular news
-
rocky Thursday, 25 October 2018 08:25 AM
ගුවන්හමුදාවට සේවයට බැඳෙන්න ඉදිරි පත් කල අද්යාපන සහතික ව්‍යාජ ඒවා බවට චෝදනාවක් තියනවා නේද? සිදුවුණා කියන අනතුර එය විය හැකිය!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

