නාගරික කසළ වලින් නිපදවන කාබනික පොහොර ගැන විමර්ශනයක්
නාගරික කසළවලින් නිපදවනු ලබන කාබනික පොහොරවල සංයුතිය පිළිබඳ වහාම විද්‍යාත්මක විමර්ශනයක් සිදුකර තමන්ට වාර්තාවක් ලබාදෙන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජාතික පොහොර ලේකම් කාර්යාලයට උපදෙස් දී තිබේ.
නාගරික කසළවලින් නිපදවනු ලබන කාබනික පොහොරවල කැඩිමියම් ප්‍රතිශතය ඉහළ මට්ටමක පවතින බවට ඇතැම් පාර්ශ්ව විසින් කෘෂිකර්ම අමාත්‍යාංශයට ඉදිරිපත් කළ කරුණු අනුව මෙම උපදෙස් ලබාදී ඇත.
කාබනික පොහොරවල කැඩ්මියම් ඇතුළු බැර ලෝහවල ප්‍රතිශතය ඉහළ මට්ටමක පවතී නම්, එමගින් මහජන සෞඛ්‍ය සම්පන්නභාවය උදෙසා ගැටලුවක් පැනනගින බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.
දිවයිනේ පොහොර බෙදා හැරීම සහ පොහොර භාවිතය සම්බන්ධයෙන් සතිපතා පැවැත්වෙන පොහොර සමාලෝචන රැස්වීම ඊයේ (30දා) පෙරවරුවේ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පැවැති අවස්ථාවේදී මෙම උපදෙස් ලබාදී තිබේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
