නවසීලන්තය ගෙවීගිය පැය 24 තුළ නව කොරෝනා වෛරස ආසාදිතයන් 8ක් වාර්තා කර ඇති අතර, ඉන් 7ක්ම දේශීයව සම්ප්‍රේෂණය වූ බව එරට සෞඛ්‍ය නිලධාරීන් නිවේදනය කරයි.
නවසීලන්තයේ ගෙවුණු පැය 24 තුළ නව මරණ කිසිවක් වාර්තා නොවූවත්, රටපුරා මේ වනවිට කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 22ක් සිදුව තිබේ.
නව දේශීය ආසාදිතයන් සියලු දෙනා ඕක්ලන්ඩ් හි දැනට පවතින පොකුරු සමග සම්බන්ධ වී ඇති බව නවසීලන්තයේ සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය ඈෂ්ලි බ්ලූම්ෆීල්ඩ් ප්රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය. එක් විදේශයකින් පැමිණි ආසාදිතයෙකුද වාර්තා වූ බව ඔහු පැවසීය.
නව ආසාදිතයන් පැනනැගීම හේතුවෙන් නවසීලන්ත අගමැති ජසින්ඩා ආර්ඩේන් විසින් රට තුළ කොරෝනා වෛරස සීමා කිරීම් දීර්ඝ කළ යුතුද යන්න පිළිබඳව අද දින තීරණයක් ගැනීමට නියමිතය.