නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩේන් ප්‍රකාශ කර ඇත්තේ බ්‍රහස්පතින්දා සිට ඕක්ලන්ඩ් නගරයේ කොවිඩ් වෛරසය හා සම්බන්ධ සීමා කිරීම් ලිහිල් කරන බවය.
එමෙන්ම රටේ අනෙකුත් ප්‍රදේශවල අගුලු දැමීමේ සීමාවන් මුළුමනින්ම ඉවත් කරන බවද අගමැතිනිය පවසා සිටියාය.
සෞඛ්‍ය ආරක්ෂණ මූලික ක්‍රියාමාර්ග තවමත් ක්‍රියාත්මක වුවද සඳුදා මධ්‍යම රාත්‍රියේ සිට රටේ සෙසු ප්‍රදේශවලට චලනය සීමා රහිත වනු ඇතැයි අගමැතිනිය වැඩිදුරටත් පැවසුවාය.