නවසිලන්තයේ කොටස් වෙළෙඳ පොළ කඩාකප්පල් කරමින් සිව්වැනි දිනටත් එල්ල වූ සයිබර් ප්‍රහාරයෙන් පසුව ඒ පිළිබඳ විමර්ශනය කිරීමට සිය ඔත්තු සේවා යෙදවීමට නවසීලන්ත රජය තීරණය කර තිබේ.
නවසීලන්ත මුදල් ඇමති ග්‍රාන්ට් රොබට්සන් පැවසුවේ අඟහරුවාදා සිට වරින් වර ඇනහිටීම්වලට ලක්ව ඇති නවසීලන්ත කොටස් හුවමාරුවට (NZX) ආරක්ෂාව සලසන ලෙස රජයේ සන්නිවේදන ආරක්ෂක කාර්යාංශයට (GCSB) උපදෙස් දී ඇති බවය. එහිදී ජාතික ආරක්ෂක පද්ධතියද සක්‍රීය කර ඇති අතර, රජයේ ආයතන එකට වැඩ කිරීම අවශ්‍ය බව ඔහු මාධ්‍ය හමුවකදී පැවසීය.
"සැලකිය යුතු ආරක්ෂක කරුණු හේතුවෙන් රජය තිරය පිටුපස ගෙන ඇති ක්‍රියාමාර්ගය ගැන මට අද පැවසිය හැකි දේ සීමා කරන්න වෙනවා" රොබට්සන් පැවසීය. "රජයක් ලෙස අපි මෙය ඉතා බැරෑරුම් ලෙස සලකනවා."
රටේ තීරණාත්මක යටිතල පහසුකම් සඳහා සයිබර් ආරක්ෂාව සපයන අතරම GCSB බුද්ධි තොරතුරු රැස්කර විශ්ලේෂණය කරයි. නවසීලන්තය එක්සත් ජනපද, බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව සහ කැනඩාව ද ඇතුළත් වන බුද්ධි සන්ධානයක සාමාජික රාජ්‍යයකි. රටවල් එකිනෙකා සමග පුළුල් පරාසයක බුද්ධි අංශ හුවමාරු කර ගන්නා අතර පසුගිය වසරේදී තවත් රටවල් 22ක් සමඟ සයිබර් ආරක්ෂණ පොරොන්දුවකට අත්සන් තැබූ අතර, එමගින් සයිබර් ප්‍රහාරවලට සම්බන්ධීකරණ ප්‍රතිචාර දැක්වීම අපේක්ෂා කර තිබේ.