ජාත්‍යන්තර තත්ත්වයේ ක්‍රීඩා පුහුණු මධ්‍යස්ථානයක් නුවරඑළියේ ඉදිකිරීම සඳහා මේ සතියේ මුල්ගල තබන බව ක්‍රීඩා, විදුලි සංදේශ , විදේශ රැකියා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා බදුල්ල ඌව පළාත් සභා ශ්‍රවණාගාරයේදී ඊයේ (5දා) පැවසීය.
යූරෝ මිලියන 75 ක වියදමින් ඉදිකරන මෙම මධ්‍යස්ථානයේ ක්‍රිකට් ක්‍රීඩාංගණයක් රගර් ක්‍රීඩංගණයක් , සුවිසල් ධාවන පථයක් හා 400 දෙනෙකුට නවාතැන් ගත හැකි නේවාසිකාගාරයක් ඇතුළත් වන බවද ක්‍රීඩා ඇමති වරයා සඳහන් කළේය .
දයාසිරි ජයසේකර මහතා ක්‍රීඩා ඇමති කාලයේ මෙම ව්‍යාපෘතිය ඉදරිපත් කර තිබුණ බවත් හවුල් ආණ්ඩුව යටතේ එය සිදුනොවූවත් එජාප රජයක් යටතේ ඒ සඳහා සියලු අනුමැතිය ලැබී ඇති බවද ඔහු සදහන්කළේය .
වසර 3ක කාලයකින් මෙම ක්‍රීඩා පුහුණු මධ්‍යස්ථානයේ ඉදිකිරිම් අවසන් කිරීමට නියමිතය. ඉදිරි කිරීමට සැලසුම් කර ඇති තත්වයේ ක්‍රීඩා මධ්‍යස්ථාන ආසියාවේ ඇත්තේ ජපානයේ සහ චීනයේ පමණක් බවද ඔහු සඳහන් කළේය.
බදුල්ලේ පාලිත ආරියවංශ