''නැවත කිසිසේත්ම මේ රටේ ත්රස්තවාදයක් ඇතිවෙන්න ඉඩ තියන්නෙ නෑ. විශේෂයෙන්ම පොලීසිය භාර අමාත්‍යවරයා විදියට ජනාධිපතිතුමා ආරක්ෂක අංශ එකතු කරගෙන ඒ පිළිබඳව ගන්න තියෙන සියලු ක්‍රියා මාර්ග ගන්නවා.''
අමත්‍ය මහින්ද අමරවීර මහතා මේබව කියා සිටියේ මිද්දෙණිය ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගි වෙමින් වන අතර මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය මහින්ද අමරවීර මහතා .
උතුරේ සිදුවූ නිලධාරි ඝාතනයන් සම්බන්ධයෙන් සම්පූර්ණ පරීක්ෂණයක් තියන බවත් පොලිස්පතිවරයත් නියෝජ්‍ය පොලිස්පතිවරයත් ඒ ප්‍රදේශයට ගෝස් ඇති බවත් ආමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. මේක සැලසුම්සහගතව රජය අප්‍රසාදයට පත්කරන්න කරපු කටයුත්තක් ද එහෙම නැත්නම් ත්‍රස්තවාදී ක්‍රියාවක් ද කියන එක පිළිබඳව සම්පූර්ණ සොයා බලා අවශ්‍ය පියවර අනිවාර්යයෙන්ම ගන්න රජය කටයුතු කරමින් සිටින බවත් ඔහු සදහන් කළේය.
හම්බන්තොට - රාහුල් සමන්ත