නවකවදය දුන් සිසුන් දසදෙනා අත්අඩංගුවට
ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ දෙවන වසරේ සිසුන්ට මාස 5ක පමණ කාලයක සිට අමානුෂික නවකවදය ලබාදුන්නේ යැයි සැකපිට එම විශ්ව විද්‍යාලයේම තුන්වන වසරේ සිසුන් 10 දෙනෙක් ඊයේ (11) දින අත්අඩංගුවට ගත් බව බදුල්ල පොලීසිය පවසයි.
නේවාසිකාගාරවලින් එළියට රැගෙන ගොස් සහ ආපනශාලාව ඇතුළු ස්ථාන කීපයකදී පහරදී වද දුන් බවට සිසුන් 4 දෙනෙක් විසින් කරන ලද පැමිණිලි අනුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි .
පහරදීම් නිසා තුවාල ලැබූ සිසුන් බදුල්ල මහරෝහලට ඇතුලත්ව ප්‍රතිකාර ලබාගෙන ඇති අතර සිසුන් දෙදෙනෙක් තවදුරටත් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති .
මෙම නවකවදය නිසා සිසුන් පිරිසක් විශ්ව විද්‍යාලය හැරගොස් ඇති බවද දැනගන්නට ලැබි තිබේ.
බදුල්ල පොලිස් අධිකාරි වසන්ත කන්දේවත්ත හා සහකාර පොලිස් අධිකාරි ප්‍රදීප් වීරසේකර සහ බදුල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක රෝහණ වනිගසේකර යන මහත්වරුන්ගේ උපදෙස් මත බදුල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
බදුල්ල - පාලිත ආරියවංශ

popular news
-
sg Tuesday, 12 November 2019 06:39 PM
ජයවර්දනපුරත් මී දීම සිද්දවෙනවා නමුත් ක්‍රියාමාර්ගයක් නැත
Reply : 0 0
නිසාන්ත Wednesday, 13 November 2019 08:43 AM
බදුල්ල - පාලිත ආරියවංශ මහතාණෙනි, නිවැරදි තොරතුරැ පමණක් සදහන් කරන්නේනම් ඉතා වැදගත්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

