නවක වධය ලබාදුන් ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ 5ක් යළි රිමාන්ඩ්
රුහුණ විශ්වවිද්‍යාලයේ පළමු වසරේ ශිෂ්‍ය භික්ෂුවකට නවකවදය දුන් බව පැවසෙන එම විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා 05නම ලබන 17 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මාතර අතිරේක මහේස්ත්‍රාත් නිල්මිණි කුසුම් විතාරණ මහත්මිය ඊයේ (03දා) නියෝග කළාය.
පසුගිය අගෝස්තු මස 09 වැනිදා රුහුණ විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයට ඇතුළත්ව තිබූ නවක ශිෂ්‍ය භික්ෂුවකට අමානුෂික ලෙස නවකවදය ලබාදීම සම්බන්ධයෙන් මාතර මූලස්ථාන පොලීසියේ අපරාධ විමර්ශන අංශය මගින් සැකකාර ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා පස් නම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
ඒ අනුව ඊයේ (03දා) සැකකාර ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා පස්නම යළි අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
මාතර මහේෂ් මලවරආරච්චි
popular news
-
ravi Tuesday, 04 September 2018 06:02 PM
අනිත් මනුස්සයන්ට හිංසා..කිරීම ගැන හෝ.. අවිහින්සවාදී ජීවත් වෙන විදිහ දන්නේ නැති " බික්ෂුන් " ???
Reply : 0 0
rocky Wednesday, 05 September 2018 07:10 AM
මේ හාමුදුරුවරුන් ගැන අපේ මහනායක භික්ෂුන් වහන්සේලා කියන්නේ මොනවද? බවුද්ධ භික්ෂුන්ට මේ ආණ්ඩුවෙන් හිරිහැර කරනවා කියලද කියන්නේ?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
