නව සන්ධානයකට හා ලාංඡනයට MS හා MR එකඟවෙති
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව නව සන්ධානයකින් තරග කිරීමට පක්ෂ දෙකේ නායකයන් ඊයේ (12දා) රාත්‍රී තීරණය කර තිබේ.
මේ අනුව නව සන්ධානයේ ව්‍යවස්ථාව සකස් කිරීමට හා සන්ධානයේ නම, ලාංඡනය තීරණය කිරීම සඳහා කමිටු දෙකක්ද පත් කර ඇත.
මෙම කමිටු දෙක මේ මස 19 වැනිදාට පෙර ලාංඡනය, ව්‍යවස්ථාව, සන්ධානයේ නම තීරණය කිරීමට නියමිත බවද වාර්තා වේ.
ඊයේ රාත්‍රී පැවැති සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද සමරසිංහ යන මහත්වරුන් හා ඩිලාන් පෙරේරා මහතා සහභාගිවී තිබේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ශ්වය වෙනුවෙන් අග්‍රාමත්‍ය මහින්ද රාපජක්ෂ, අමාත්‍යවරුන් වන දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන මහත්වරුන් හා බැසිල් රාජපක්ෂ, වාසුදේව නානායක්කාර මහතා සහභාගිවී ඇත.

popular news
-
Champa Tuesday, 13 November 2018 05:52 PM
කතරගම දෙයියන්ගේ පින්තූරේ පක්ෂ ලාංඡනය විදිහට අරන් ආවත් මෛත්‍රී ඉන්න සන්ධානයකට මම නම් සහයෝගය දෙන්න නැහැ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

