නව රජයට සහාය දිය යුතුයි - විජිත්
නව රජයට ඉදිරි කටයුතු කරගෙන යෑමට සහාය දිය යුතු බව හිටපු අමාත්‍ය හා එ ජා ප කටාන ආසන සංවිධායක විජිත් විජයමුණි සොයිසා මහතා පැවැසීය. අද (20දා) ගම්පහ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.
"නව ජනාධිපතිවරයෙකු නව අගමැති වරයෙක් සහ ඇමති මණ්ඩලයක් පත්වුණා. අපි විපක්ෂයේ වුණත් ඒ අයට සුභ පතනව. ඒ වගේම නව රජයට කටයුතු කරගෙන යාම සඳහා වාද භේදයකින් තොරව අපි සහාය ලබාදිය යුතුයි.
අපි අද සිට විපක්ෂ දේශපාලනයෙ. විපක්ෂ දේශපාලනයෙ අපිට ලොකු වගකීමක් පැවරෙනව. ආණ්ඩුව නිවැරදි දිශානතියකට ගමන් කරවීම සඳහාත් එසේ ගමන් නොකරනවා නම් ඊට විරුද්ධවීම සඳහාත් අපිට ලොකු වගකීමක් පැවරී තිබෙනව. එම වගකීම අපි අකුරට ඉෂ්ඨ කරනව.
සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කරවීමට ලක්ෂ 55 ක් අපිට ඡන්ද පාවිච්චි කරල තියනව. නමුත් එතුමට ජයග්‍රහණය කරන්නට බැරි වුනා. නමුත් ලක්ෂ පනස් පහේ වගකීම අපි ආරක්ෂා කළ යුතුයි. මේ ලක්ෂ 55 වෙනුවෙන් අපි විපක්ෂයේ දේශපාලනය කළ යුතුයි. ඉදිරි ජයග්‍රහණය කරා කැදවාගෙන යායුතුයි. අද ඇතැමුන් අහනව එක්සත් ජාතික පක්ෂය දෙකඩ වෙලාද කියල.එහෙම දෙයක් නැහැ."
ගම්පහ තිලකරත්න දිසානායක

popular news
-
සිතුම් Saturday, 23 November 2019 09:17 AM
අනුන් නිවැරදි දිශානතියකට ගමන් කරවීම කෙසේවෙතත් තමන්ගේ පක්ශයේ කලදසාව ගැන හෙව්වොත් හොදයි නේද?
Reply : 0 0
දම්මි Saturday, 23 November 2019 09:19 AM
මම මලෝ...
Reply : 0 0
sam Saturday, 23 November 2019 04:05 PM
මෙම පරසුට් කරු , කටානෙන් ඉවත් කලයුතුය
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

