නව යුද හමුදාපති හා නාවික හමුදාපති අතර හමුවක්
යුද හමුදාධිපති, ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අද (16) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා හමුවිය.
නාවික හමුදාධිපතිතුමා විසින් යුද්ධ හමුදාධිපතිතුමා නාවික හමුදා මූලස්ථානය වෙත පිළිගත් අතර, යුද්ධ හමුදාධිපතිවරයා වශයෙන් වැඩ භාර ගැනීමෙන් පසු නාවික හමුදාධිපතිතුමා හමුවූ පළමු නිල හමුව බවට මෙය සනිටුහන් විය.
එහිදී නාවික හමුදාධිපතිතුමා විසින් යුද හමුදාධිපතිතුමා වෙත සිය හෘදයාංගම සුභපැතුම් එක් කරන ලද අතර, ඉන් අනතුරුව ද්විපාර්ශවීය වශයෙන් වැදගත් කරුණු රාශියක් සම්බන්ධයෙන් ඔවුන් සුහද කථාබහක නිරත විය.
මෙම හමුව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරුණු අතර, මෙම අවස්ථාව සඳහා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, නාවික හමුදා අධ්යක්ෂ ජෙනරාල්වරුන් සහ බටහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ ද සහභාගී වී සිටියහ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
