නව පාසල් වාරයට පෙර ඩෙංගු මර්දන වැඩසටහන් අරඹන්න

දිවයින පුරා ඩෙංගු රෝගීන් වාර්තා වී තිබෙන හෙයින් ඩෙංගු රෝගයෙන් පාසල් දරුවන් ආරක්ෂා කර ගැනීමට නව පාසල් වාරයට පෙර ඩෙංගු මර්දන වැඩසටහන් පාසල් මට්ටමින් ක්‍රියාත්මක කරන ලෙස අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා විසින් අධ්‍යාපන බලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ. පාසල් ආශ්‍රිතව ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසට විදුහල්පතිවරුන්ගෙන්, දෙමාපියන්ගෙන් හා ආදිශිෂ්‍ය සංගම්වලින් ඉල්ලා සිටින බවද අමාත්‍යවරයා පවසා සිටියේය.
පසුගිය නොවැම්බර් මාසය තුළ පමණක් ඩෙංගු රෝගීන් විසිදහස් පන්සිය හැත්තෑ තුනක් වාර්තා වී තිබෙන බවත්, මේ වසරේ ගෙවීගිය කාලය තුළ ඩෙංගු රෝගීන් අනූදහසකට වැඩි ප්‍රමාණයක් වාර්තා වී තිබෙන බවත් ඔහු පවසා සිටියේය. මෙවැනි තත්ත්වයක් තුළ පාසල් දරුවන් ඩෙංගුවලින් ආරක්ෂා කර ගැනීම සඳහා පාසල් මට්ටමින් ඩෙංගු මර්දන වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කළ යුතුව තිබෙන බවද හෙතෙම සඳහන් කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
