නව නායකයන් ඉදිරිපත් කරනවා - රනිල්
පක්ෂයේ ඉදිරිය වෙනුවෙන් නව නායකයන් ඉදරිපත් කරන බව එක්සත් ජාතික පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
අද සිරිකොතදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.
එසේම පක්ෂයට කරන චෝදනා පිළිබඳව විභාග කර ඒවා අසත්‍ය නම් ඒවට එරෙහිව තදින්ම ක්‍රියාත්මක විය යුතු බවත් ඔහු පැවැසීය.
“පක්ෂය පිළිබඳ කරන චෝදනා විභාග කරලා ඒවා අසත්‍ය නම් ඒ ගැන අපි තදින් ක්‍රියා කරන්න තිබෙනවා. මේ අවස්ථාවේදී අනාගතය ගැන හිතන්න තිබෙනවා. පක්ෂයේ අනාගතය ගැන හිතලා නව නායකයෝ අපි ඉදිරිපත් කරන්න තිබෙනවා.
මේ විග්‍රහය අනුව ඒ අයට අලුත් ප්‍රතිපත්ති ඉදරිපත් කරන්න භාර දෙන්න ඕන. පරිවර්තනය එවිට අවසන් වේවි. අපිට භය නැතිව ඒ නායකත්වය සමග ඉදිරියට යන්න ලැබෙනවා. ඒ වැඩසටහනට ගරු සංඝරත්නයේ ආශීර්වාදය ලබාගෙන නව එක්සත් ජාතික පක්ෂයක් හැටියට ඉදිරියට යමු”

popular news
-
සිතුම් Saturday, 23 November 2019 09:04 AM
"නව නායකයන්" කියන්නෙ "නායකයෙක් " කියනඑක නොවනබව යූ එන් පී මිතුරන් තේරුම් ගනිත්වා.
Reply : 0 0
samson de silva Saturday, 23 November 2019 11:55 AM
“පක්ෂය පිළිබඳ කරන චෝදනා විභාග කරලා ඒවා අසත්‍ය නම් ඒ ගැන අපි තදින් ක්‍රියා කරන්න තිබෙනවා." ඒවා සත්‍ය නම් මොනවද කරන්නේ කියලත් කිව්වොත් නරකද? බයිලා එපා. කරුණාකර වහාම UNP නායකත්වයෙන් ඉවත්වන්න, දෙවියන්ගේ නාමයෙන්. මෙයාට විපක්ෂ නායකකම දුන්නොත්, ජනාදිපති, අගමැති, විපක්ෂ නායක තුන්දෙනාම රාජපක්ස සහෝදරවරු වගේ වේවි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

