නව ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී හේමසිරි ප්‍රනාන්දු
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නව කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස මහජන බැංකුවේ සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතා පත්කර තිබේ.
ඒ මහතා අද (03දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිවරයා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගෙන තිබේ
ජාතික ඔලිම්පික් කමිටුවේ හිටපු සභාපතිවරයා ද වන හේමසිරි ප්‍රනාන්දු මහතා පරිපාලන ක්ෂේත්රයේ ප්රවණයකි.
හිටපු අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ ලේකම්වරයා හා තැපැල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ද කටයුතු කර තිබෙන හේමසිරි ප්‍රනාන්දු මහතා ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සභාපතිවරයා වශයෙන් ද, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපතිවරයා වශයෙන් ද කටයුතු කර තිබේ.
ඔහු කොළඹ නාලන්දා විද්‍යාලයේ ආදි සිසුවෙකි.

popular news
-
Champa Monday, 03 September 2018 05:57 PM
අවුරුදු 3යි ජනාධිපති ලේකම්වරු 3යි. කෝකටත් කියල හතරවෙනියෙකුත් standby තිබ්බ නම් හොඳයි නේද ජනාධිපතිතුමා?
Reply : 0 0
Champa Tuesday, 04 September 2018 10:01 AM
oh මෙයා Chief of Staff ද? President's Secretary නෙමේ???
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
