නල්ලුර් කෝවිලේ වාර්ෂික මංගල්‍යය බැතිමතුන්ට සිමා
යාපනය ඓතිහාසික නල්ලූර් කෝවිලේ වාර්ෂික මංගල්‍යය දැඩි සෞඛ්‍ය ආරක්ෂිත පියවරයන් අනුගමනය කරමින් ඊයේ (25) දින සිට ආරම්භ කල බවට කෝවිල භාරකාර මණ්ඩලය පවසයි.
පවතින කොරෝනා වයිරස් අවධානම හේතුවෙන් නිරෝධායන නීතිරීති වලට අනුව දිනකට බැතිමතුන් 500 ක පමණ පිරිසකගේ සහභාගීත්වයෙන් නල්ලූර් කෝවිලේ මෙවර වාර්ෂික දේව මෙහෙයන් සිදු කිරීමට පියවර ගෙන ඇත.
මේ අනුව පොලීසිය හා යුද හමුදාව එක්ව නල්ලූර් කෝවිලේ පූජාවන් හා බැතිමතුන් වෙනුවෙන් ආරක්ෂාව සැපයූ අතර දේව මෙහෙයන් වෙනුවෙන් සහභාගී වන බැතිමතුන්ට ජාතික හැඳුනුම්පත සමගින් මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය වී තිබුණු අතරම විදේශිකයින් සහභාගී වන්නේ නම් ඔවුන්ගේ නිරෝධායන සහතික හා පී.සී.ආර්. පරික්ෂණයන් යනාදියද පරික්ෂා කිරීමට සෞඛ්‍ය නිලධාරීන් හා ආරක්ෂක අංශ විසින් පියවර ගෙන තිබුණි.
මේ අනුව නල්ලූර් කෝවිලේ වාර්ෂික ප්‍රධාන දේව මෙහෙයන් වෙනුවෙන් ඉතිහාසයේ අඩුම පිරිසක් සහභාගී වූ වසර 2020 වසර වන බවටත් එය කොරෝනා අවධානම හේතුවෙන් ලෝ වැසියන්ටම බලපා තිබූ හෙයින් මෙවැනි ඉරණමක් අත්වූ අතරම ලබන වසරේදී හෝ සියලු බැතිමතුන්ට නල්ලූර් කෝවිලේ වාර්ෂික දේව මෙහෙයන් වෙනුවෙන් සහභාගී වීමට අවස්ථාව උදාවේවා යන්න පිළිබඳවද කෝවිල් භාරකාර මණ්ඩලය විසින් දේව කන්නලව් කිරීමද සිදු විය.

popular news
- 
                            
Kumar Tuesday, 28 July 2020 10:00 PM
No social distancing? Some idiots in the US use masks and don't believe in social distancing. Good example is California, where until memorial day weekend every thing was under lockdown. State relaxed the rules for the memorial day long weekend and Covid cases started spiking. Now some pastors are having church services against the rules and expect their god to do overtime to protect the congregation. I always heard that god is everywhere. So do people have go to church to pray under these conditions? I think it is the revenue that forces pastors hand. 95% people in the town in Central never believe masks believe in masks because some idiotic politician said so. Our family believe in educated medical professionals that recommends the use of masks when out in public.
Reply : 0 0
 
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

                    
                    
                                
                                
                                
                                
 
                                                
                                                
                                                
                                                
                                                
                                                