හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන නොර්වුඩ් දමිළ මහා විද්‍යාලයේ 9 වසරේ අධ්‍යාපනය ලබන ස්වයං නිරෝධායනයට යොමු කර ඇති සිසුවෙකුට සහ සිසුවියකට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට අද පස්වරුවේ ලද පි.සි.ආර් පරික්ෂණ වාර්ථා අනුව තහවුරු වු බව බගවන්තලාව මහජන සෞඛ්‍ය පරික්ෂක ජේ ගනේෂ් මහතා පැවසිය.
එම පාසලේ ඉකුත් මස 28 සහ 30 යන දෙදින තුල ඉගැන්විම් කටයුතුවල නිරත වු ගුරුවරියකට සහ ඇගේ දරුවන් දෙදෙනාට කොවිඩ් 19 වෛරසය අසාදනය විම නිසා එම ගුරුවරිය සහ ඇගේ දරුවන් දෙදෙනා නිරෝධායන මධ්‍යස්ථානයක් කරා යොමු කර එම පාසල ඉකුත් මස (07) දින සිට තාවකාලිකව වසා දමා එම පාසලේ ළගම ආශ්රිත ගුරුවරුන් සහ සිසු සිසුවියන් පි.සි.ආර් පරික්ෂණයකට භාජනය කරනු ලැබුහ.
බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාර් කාර්යාලය මගින් එම පාසලේ අධ්‍යාපනය ලබන අසාදිත ගුරුවරියගේ ළගම ආශ්රිත ගුරුවරුන් සහ සිසු සිසුවියන්ගෙන් සිදු කල පි.සි.ආර් පරික්ෂනය අනුව පාසල් සිසුවියකට සහ සිසුවෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට (12) දින තහවුරු වි ඇත.
අසාදිත සිසුවිය සහ සිසුවාගේ ලගම ආශ්රිත සිසු සිසුවියන් සහ ගුරුවරුන් ස්වයන් නිරෝධායනයට යොමු කිරිමට මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් සහ පොලිසිය කටයුතු කර ඇත.
අසාදිත පාසල් සිසුන් දෙදෙනා නොර්වුඩ් වෙන්චර් වතුයායේ පදිංචිකරුවන්ය.